ලොව පුරාම ජනප්රිය මයින්ක්රාෆ්ට් ක්රීඩාව ගැන අලුත්ම ආරංචියක් මයින්ක්රාෆ්ට් ලයිව් වැඩසටහන හරහා දැනගන්න ලැබුණා. 2011 වසරේ ඉඳන් මේ දක්වා මයින්ක්රාෆ්ට් ලෝකයේ තිබුණේ මානයන් තුනක් විතරයි. ඒත් දැන් ඒ තත්ත්වය වෙනස් කරමින් ‘ද සිෆ්ට්’ (The Sift) නමින් අලුත්ම මානයක් ක්රීඩාවට එකතු කරන්න ඔවුන් තීරණය කරලා තියෙනවා. මේ අලුත් මානය මුලින්ම මයින්ක්රාෆ්ට් ඩන්ජන්ස් 2 හරහා සැප්තැම්බර් 29 වෙනිදා අත්විඳින්න පුළුවන් වුණත්, මයින්ක්රාෆ්ට් ජාවා සහ බෙඩ්රොක් සංස්කරණවලට මේක ලැබෙන්නේ 2027 වසරේදීයි.
මේ අලුත් මානය ඇතුළේ දකින්න ලැබෙන රෝස පැහැති කොටස් සහ නිල්-කොළ පැහැති වෘක්ෂලතා නිසා මයින්ක්රාෆ්ට් ලෝකය මීට කලින් කවදාවත් නොදැකපු අමුතුම විදිහකට වෙනස් වෙනවා. මෙතනදී අපිට අලුත් සත්තු වගේම භයානක රාක්ෂයෝ එක්කත් සටන් කරන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, අයිස් ගුහා, අලුත් ශබ්ද පද්ධති වගේ තවත් අලුත් දේවල් ගොඩක් මේ යාවත්කාලීනයත් එක්ක එකතු වෙනවා. විශේෂයෙන්ම ඔක්තෝබර් 27 වෙනිදා නින්ටෙන්ඩෝ ස්විච් 2 සඳහාත් මයින්ක්රාෆ්ට් නිකුත් වෙන්න නියමිත නිසා, ක්රීඩකයින්ට මේ අලුත් අත්දැකීම් වඩාත් හොඳින් විඳගන්න පුළුවන් වෙයි.
මේ වෙනසත් එක්ක මයින්ක්රාෆ්ට් අනාගතයේදී තවත් විශාල වෙනස්කම් රැසකට මුල පුරන බව තමයි පේන්න තියෙන්නේ. ඉතින් මයින්ක්රාෆ්ට් රසිකයෝ හැමෝම මේ අලුත් වෙනස්කම් එනකම් ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා.

Discussion & Feedback