අප්‍රිකාවේ ධනවත්ම පුද්ගලයා වන නයිජීරියානු බිලියනපති ඇලිකෝ ඩැන්ගෝට්, ඉතියෝපියාව සහ ජිබුටි අතර ඉදිවන ඇමරිකානු ඩොලර් මිලියන 660ක වටිනාකමකින් යුත් නව ඉන්ධන නල මාර්ග ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා. කිලෝමීටර් 120ක් දිගු මෙම නල මාර්ගය ජිබුටිහි ඩැමර්ජොග් වරායේ සිට ඉතියෝපියාවේ ඩෙවෙලේ දක්වා ඉන්ධන ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇති අතර, මෙහි ලීටර් මිලියන 400ක ඉන්ධන ගබඩා කිරීමේ පහසුකම්ද ඇතුළත් වෙනවා. මාස 18ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කර මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.
ඉතියෝපියාවේ අගමැති අබි අහමඩ් පවසන විදිහට, මෙම නල මාර්ගය නිසා දැනට දින පහක් ගතවන ඉන්ධන ප්‍රවාහන කාලය දින එකක් දක්වා අඩු කරගන්න පුළුවන් වෙනවා. ගොඩබිමෙන් වටවූ රටක් වන ඉතියෝපියාවට තමන්ගේ ඉන්ධන අවශ්‍යතා සපුරා ගැනීමට ජිබුටි වරාය මත දැඩි ලෙස යැපීමට සිදුව තිබෙනවා. මෙම නව යටිතල පහසුකම නිසා ප්‍රවාහන, ගුවන් සේවා, කෘෂිකර්මාන්තය සහ ඉදිකිරීම් වැනි ක්ෂේත්රවලට විශාල සහනයක් ලැබෙන අතර, ජිබුටි රටටද රැකියා උත්පාදනය සහ ආදායම් ඉහළ යාම වැනි වාසි රැසක් අත්වෙනවා.
ඇලිකෝ ඩැන්ගෝට්ගේ මෙම ආයෝජනය අප්‍රිකාව පුරා සිය ව්‍යාපාරික අධිරාජ්‍යය පුළුල් කිරීමේ තවත් පියවරක් ලෙසයි සැලකෙන්නේ. දැනටමත් නයිජීරියාවේ දැවැන්ත තෙල් පිරිපහදුවක් සහ සිමෙන්ති කර්මාන්තයක් පවත්වාගෙන යන ඔහු, කෙන්යාවේද නව තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට සූදානම් වෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් ඉතියෝපියාවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු වන අතර, රටේ ඉන්ධන සැපයුම් දාමය වඩාත් ශක්තිමත් වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Discussion & Feedback