පසුගිය ඉරිදා කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වුණු 2026 කොළඹ මැරතන් තරගාවලිය ඉතාමත් උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්වුණා. මේ සඳහා දේශීය මෙන්ම විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,000කට අධික පිරිසක් සහභාගි වුණා. රටවල් 25ක නියෝජනයක් සහිතව විදේශීය ක්‍රීඩකයන් 130කට වැඩි පිරිසක් මේ තරගයට එක්වීම විශේෂත්වයක්. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මේ තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා රුපියල් මිලියන 12.83කට අධික ත්‍යාග මුදලක් පිරිනැමීමට කටයුතු කර තිබුණා.
පිරිමි කිලෝමීටර් 42 පූර්ණ මැරතන් තරගයේ ජය උගන්ඩාවේ ජුලියස් ඔචියෙන්ග් විසින් දිනාගත් අතර, කාන්තා අංශයේ ජයග්‍රහණය ඉතියෝපියාවේ අයිනාලෙම් කසාහුන් ටෙෆෙරි විසින් හිමිකර ගත්තා. කිලෝමීටර් 21 අර්ධ මැරතන් තරගයේදී කෙන්යාවේ එඩ්වින් යෙබෙයි කිප්ටූ ජයග්‍රහණය කළ අතර, කාන්තා අංශයේ ජය ශ්‍රී ලංකාවේ මෙත්මි රොසාටා විසින් දිනාගැනීම අපේ රටට විශාල අභිමානයක් වුණා. විශේෂයෙන්ම කිලෝමීටර් 10 තරග ඉසව්වලදී පිරිමි සහ කාන්තා යන අංශ දෙකේදීම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලුම පදක්කම් දිනාගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙනුණා. මහේන්ද්‍රන් ගොබිනාදන් සහ පී.ජී.එස්.එස්. විමලසූරිය එම ඉසව්වල ජයග්‍රාහකයන් ලෙස වාර්තා වුණා.

Discussion & Feedback