ග්‍රීසියේ ඇතන්ස් නුවර අතහැර දමා තිබූ ගොඩනැගිල්ලක තිබී බ්‍රිතාන්‍ය ජාතික තරුණියකගේ මළ සිරුරක් ගමන් මල්ලක බහා තිබියදී සොයාගෙන තියෙනවා. එලිසබෙත්-ජේන් රොස් නමැති 38 හැවිරිදි මෙම තරුණිය පුණ්‍යාධාර කටයුතුවල නිරත වූ අයෙක්. ඇය ග්‍රීසියට පැමිණ සති තුනක් වැනි කෙටි කාලයක් තුළදී මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීම බොහෝ දෙනා කම්පාවට පත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන ජාතික 26 හැවිරිදි තරුණයෙක්ව ග්‍රීක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු තමන් මෙම අපරාධය සිදු කළ බවට පාපොච්චාරණය කර තිබෙනවා.
පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ සැකකරු විසින් මියගිය තරුණියගේ බැංකු කාඩ්පත් භාවිතා කර මුදල් ලබාගෙන ඇති බවයි. සීසීටීවී දර්ශන ඔස්සේ ඔහුව හඳුනා ගැනීමට පොලිසියට හැකි වුණා. සැකකරුගේ නිවසේ තිබී විවිධ අවි ආයුධ ද සොයාගෙන ඇති අතර, ඔහුට එරෙහිව මිනීමැරුම් සහ සොරකම් ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නඩු පවරා තිබෙනවා. මියගිය තරුණියගේ පවුලේ අයට ඇය විසින් එවන ලද කෙටි පණිවිඩවල ඇය තනිව සිටීමට කැමති බව සඳහන් කර තිබුණත්, ඒවා සැකකරු විසින් නොමඟ යවන සුළු ලෙස යවා ඇති බවයි පොලිසිය සැක කරන්නේ. කෙසේ වෙතත්, ඇයගේ මරණයට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නැහැ.

Discussion & Feedback