2010 වසරේදී කාටූන් නෙට්වර්ක් හරහා ලොව පුරා ජනප්රිය වුණු ‘ඇඩ්වෙන්චර් ටයිම්’ (Adventure Time) කාටූන් මාලාව ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ෆින් සහ ජේක්ගේ වික්රමාන්විතයන්, ඕ දේශයේ අමුතු අමුතු දේවල් වගේම ඒ කතා මාලාවේ තිබුණු ගැඹුරු අර්ථයන් නිසාම මේක ලෝකයේම රසිකයන්ගේ හදවත දිනාගත්තා. ඉතින් මේ රසිකයන්ට සතුටු වෙන්න පුළුවන් අලුත්ම ආරංචියක් ලැබිලා තියෙනවා. ඒ තමයි ඇඩ්වෙන්චර් ටයිම් ලෝකය පාදක කරගෙන නිර්මාණය කරපු අලුත්ම ‘RPG’ හෙවත් භූමිකා රඟදැක්වීමේ ක්රීඩාව මේ වසරේදී එළිදැක්වීමට නියමිත වීම.
ක්රිප්ටෝසොයික් එන්ටර්ටේන්මන්ට් (Cryptozoic Entertainment) ආයතනය විසින් නිර්මාණය කරන මේ ක්රීඩාව සඳහා කික්ස්ටාටර් (Kickstarter) හරහා විශාල මුදලක් එකතු කරගන්න ඔවුන්ට හැකි වුණා. මේ ක්රීඩාව හරහා රසිකයන්ට තමන්ගේම වීරයන් නිර්මාණය කරගෙන ඕ දේශයේ සැරිසරන්න පුළුවන්. මුලින් හිතුවට වඩා මේකේ වැඩකටයුතු ප්රමාද වුණත්, දැන් මේ ක්රීඩාවේ නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ තියෙන්නේ. දැනට මේක ලැබෙන්නේ කික්ස්ටාටර් හරහා මුදල් ආයෝජනය කරපු අයට විතරක් වුණත්, ඉදිරියේදී සාමාන්ය වෙළඳපොළටත් මේක නිකුත් වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ.
මේ ක්රීඩාවත් එක්කම විශේෂිත වූ කැට, සිතියම් සහ ජේක් ද ඩෝග්ගේ හඬින් කියැවෙන අත්පොතක් වගේ දේවල් රැසක් රසිකයන්ට ලැබෙනවා. ඇඩ්වෙන්චර් ටයිම් රසිකයෙක් විදිහට ඔයාටත් මේ අලුත් අත්දැකීම විඳගන්න වැඩි කාලයක් බලාගෙන ඉන්න වෙන්නේ නැහැ. නිෂ්පාදන කටයුතු අවසන් වුණාම මේ ක්රීඩාව ඔයාගේ අතටම ලැබෙයි.

Discussion & Feedback