හොලිවුඩයේ අතිශය ජනප්රිය ඇනිමේෂන් චිත්රපට මාලාවක් වන ‘Hotel Transylvania’ හි පස්වන කොටස 2027 ඔක්තෝම්බර් මාසයේදී තිරගත වීමට නියමිත බව වාර්තා වෙනවා. බිලියන 1.3කට අධික ආදායමක් උපයා ගත් මෙම සිනමා මාලාව ලොව පුරා රසිකයන් අතර ඉතාමත් ජනප්රියයි. කෙසේ වෙතත්, මෙම නවතම චිත්රපටය වන ‘The Haunting of Hotel Transylvania’ සඳහා ප්රධාන චරිතයට පණ පෙවූ ඇඩම් සැන්ඩ්ලර් නැවත සම්බන්ධ වේද යන්න තවමත් ගැටලුවක්ව පවතිනවා.
මීට පෙර 2022 වසරේ නිකුත් වූ සිව්වන කොටසින් සැන්ඩ්ලර් ඉවත් වී සිටි අතර, ඒ සඳහා හේතු වූයේ ඔහුගේ කාර්යබහුලත්වයයි. එම අවස්ථාවේදී ඔහුගේ හඬ වෙනුවට බ්රයන් හල් නම් ශිල්පියා යොදා ගත්තා. මේ වන විට ඇඩම් සැන්ඩ්ලර්ගේ ඉදිරි වැඩසටහන් ලැයිස්තුවේ ‘Grown Ups 3’ වැනි චිත්රපට කිහිපයක් තිබුණත්, ‘Hotel Transylvania 5’ ගැන නිල තහවුරු කිරීමක් තවමත් ලැබී නැහැ. සැන්ඩ්ලර් නොමැතිව මෙම චිත්රපටය පෙර මෙන් සාර්ථක වේවිද යන්න සිනමා ලෝලීන් අතර දැන් ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා.
සැන්ඩ්ලර්ගේ සහභාගීත්වය නොමැතිව මෙම චිත්රපටය තිරගත වුවහොත්, එය මීට පෙර පැවති වාර්තාගත ආදායම් මට්ටම් කරා ළඟා වේවිද යන්න සැක සහිතයි. කෙසේ වෙතත්, මෙම පස්වන කොටස සිනමාහල්වල සාර්ථකව තිරගත වුවහොත්, එයින් පෙනී යන්නේ මෙම සිනමා මාලාවේ සාර්ථකත්වයට ඇඩම් සැන්ඩ්ලර්ගේ හඬ පමණක්ම හේතු නොවූ බවයි. රසිකයන් දැන් බලා සිටින්නේ සැන්ඩ්ලර් නැවතත් ‘ඩ්රැකියුලා’ ලෙස පැමිණේවිද යන්න දැනගන්නයි.

Discussion & Feedback