ජනප්රිය නෙට්ෆ්ලික්ස් කතාමාලාවක් වන ‘නොබොඩි වෝන්ට්ස් දිස්’ (Nobody Wants This) හි ප්රධාන චරිතය රඟපාන ඇඩම් බ්රෝඩි මේ දිනවල ලෝකයේම අවධානය දිනාගෙන ඉන්නවා. ඒ, ඉදිරියේදී විකාශය වීමට නියමිත ඔහුගේ කතාමාලාවේ තුන්වන සමය ගැන මාධ්ය සමඟ අදහස් දක්වමින් පලස්තීනය වෙනුවෙන් ඉතාමත් පැහැදිලි සහ නිර්භීත ස්ථාවරයක් ගැනීම නිසයි. ගාසා තීරයේ සිදුවන ප්රහාර සහ පලස්තීනුවන් මුහුණ දෙන අර්බුදය ගැන අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, තමන් පලස්තීනය නිදහස් විය යුතු බවත්, එහි සිදුවන්නේ ජන සංහාරයක් බවත් විශ්වාස කරන බවයි.
ඇඩම් බ්රෝඩි තවදුරටත් සඳහන් කළේ, හොලිවුඩයේ බොහෝ දෙනා දේශපාලනික කරුණු ගැන කතා කිරීමට මැලි වුවත්, තමන්ට මේ ගැන නිහඬව සිටිය නොහැකි බවයි. තමන් රඟපාන රබ්බිවරයෙකුගේ චරිතය නිසාම මේ ප්රශ්නය තවත් සංවේදී වුවත්, මානුෂීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම වැදගත් බව ඔහු අවධාරණය කරනවා. ඔහුගේ මේ ප්රකාශයත් සමඟ සමාජ මාධ්ය තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර, ඇතැම් පිරිස් ඔහුගේ නිර්භීතකම අගය කරන අතරේ තවත් පිරිස් විවිධ විවේචන එල්ල කරමින් සිටිනවා.
කෙසේ වෙතත්, ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත් මෙවැනි කලාකරුවෙකු මෙවැනි සංවේදී මාතෘකාවක් ගැන ප්රසිද්ධියේ කතා කිරීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබෙනවා. ඔක්තෝබර් 22 වැනිදා නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශය වීමට නියමිත මෙම කතාමාලාවට මේ සිදුවීමත් සමඟ විශාල ප්රේක්ෂක පිරිසක් ආකර්ෂණය වනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කරනවා.

Discussion & Feedback