අපේ ළමා කාලයේ හරිම ජනප්රිය වුණ ‘ඇක්ෂන් මෑන්’ (Action Man) සෙල්ලම් බඩු මාලාව ඇසුරින් අලුත්ම චිත්රපටයක් නිර්මාණය කරන්න හස්බ්රෝ (Hasbro) සහ වර්කින් ටයිටල් (Working Title) ආයතන එකතු වෙලා තියෙනවා. මේ ගැන හොලිවුඩ් රිපෝටර් වාර්තා කරලා තියෙන්නේ, මේ චිත්රපටයේ පිටපත ලියන්න මාර්වල් සමාගමේ ප්රබල නිර්මාණකරුවන් කිහිප දෙනෙක්ම එකතු වෙලා ඉන්නවා කියලයි. විශේෂයෙන්ම ‘X-Men ’97’ හි ලේඛක ඇන්තනි සෙලිටි සහ ‘ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි’ වැනි චිත්රපටවල වැඩ කරපු නිෂ්පාදක සයිමන් හැට් තමයි මේ සඳහා දායක වෙන්නේ. ඒ වගේම ඇවෙන්ජර්ස් චිත්රපට මාලාවට සම්බන්ධ වුණු ජෙරමි ලැචම් මේ චිත්රපටයේ නිෂ්පාදකවරයා විදිහට කටයුතු කරනවා.
මේ චිත්රපටය ගැන තවම වැඩි විස්තර හස්බ්රෝ ආයතනය හෙළි කරලා නැහැ. 1960 ගණන්වලදී බ්රිතාන්යයේ හඳුන්වා දුන්නු මුල්ම ඇක්ෂන් මෑන් රූපවල ආභාෂය මේ චිත්රපටයට ලැබෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. මුල් කාලයේදී යුද හමුදා ඇඳුම්වලින් සැරසුණු මේ රූප, පසුව නවීන ගවේෂකයෙක් විදිහට වෙනස් වුණා. කොහොම වුණත්, මේ චිත්රපටය කවදා තිරගත වෙයිද කියන එක ගැන තාම කිසිම නිශ්චිත දිනයක් ප්රකාශ කරලා නැහැ. ඇක්ෂන් මෑන් රසිකයන්ට නම් මේ ආරංචිය හරිම සතුටුදායක එකක් වේවි කියලා විශ්වාස කරන්න පුළුවන්.

Discussion & Feedback