මෑතකදී මාලදිවයිනේදී පැවැත්වුණු 2026 ලෝක සංචාරක සම්මාන උළෙලේදී (World Travel Awards) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක කළමනාකරණ ආයතනය ලෙස ඇකෝන් ට්‍රැවල්ස් (Acorn Travels) ආයතනය සම්මානයට පාත්‍ර වුණා. ආසියානු, ඕෂනියා සහ ඉන්දියන් සාගර කලාපීය රටවල් නියෝජනය කරමින් පැමිණි විශාල පිරිසක් ඉදිරියේ මෙම සම්මානය පිරිනැමූ අතර, ඇකෝන් ට්‍රැවල්ස් වෙනුවෙන් එහි අධ්යක්ෂ සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති චමිල විජේතුංග මහත්මිය මෙම සම්මානය ලබාගත්තා. මෙය ඇකෝන් ට්‍රැවල්ස් ආයතනයේ දීර්ඝකාලීන කැපවීම සහ විශිෂ්ටත්වය ලොවටම පෙන්වා දුන් සුවිශේෂී අවස්ථාවක් ලෙස හඳුන්වන්න පුළුවන්.
1973 වසරේ සිට සංචාරක ක්ෂේත්රයේ නිරත වෙමින්, දශක පහකට වැඩි කාලයක් පුරා පාරිභෝගිකයන්ට විශ්වාසනීය සේවාවක් ලබාදීමට ඇකෝන් ට්‍රැවල්ස් කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම ආයතනික සංචාරක කළමනාකරණය, වීසා පහසුකම් සහ ගුවන් ටිකට්පත් වැනි සේවාවන් හරහා ඔවුන් පාරිභෝගිකයන්ගේ හදවත් දිනා ගැනීමට සමත් වුණා. මේ ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් විජේතුංග මහත්මිය පැවසුවේ, තම සේවාදායකයන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනා ගනිමින් ලබාදෙන කාර්යක්ෂම සහ පුද්ගලීකරණය කළ සේවාවන් නිසා මෙම ජයග්‍රහණය ලබාගැනීමට හැකි වූ බවයි. තම කණ්ඩායමේ කැපවීම සහ පාරිභෝගිකයන්ගේ විශ්වාසය මෙම සාර්ථකත්වයට ප්‍රධාන හේතුව බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.
අනාගතයේදීත් තවත් නවීන පහසුකම් සමඟින් සංචාරකයන්ට වඩාත් පහසු සහ සුවපහසු අත්දැකීමක් ලබාදීමට ඇකෝන් ට්‍රැවල්ස් බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ ‘Inspiring Journeys’ යන තේමාව යටතේ ඉදිරියටත් විශිෂ්ට සේවාවක් ලබාදීමට ඔවුන් සූදානම්. මෙම ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දැක්වූ සියලුම පාර්ශේ පාර්ශවයන්ට සහ තම කාර්ය මණ්ඩලයට ඇකෝන් ට්‍රැවල්ස් ආයතනය සිය ස්තූතිය පුද කර සිටිනවා.

Discussion & Feedback