මෑතකදී මාලදිවයිනේදී පැවැත්වුණු 2026 ලෝක සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක කළමනාකරණ ආයතනය ලෙස ‘ඇකෝන් ට්‍රැවල්ස්’ (Acorn Travels) ආයතනය සම්මානයට පාත්‍ර වුණා. ආසියානු, ඕෂනියා සහ ඉන්දියන් සාගර කලාපීය රටවල් නියෝජනය කරමින් පැමිණි විශාල පිරිසක් ඉදිරියේ මෙම සම්මානය පිරිනැමූ අතර, ඇකෝන් ට්‍රැවල්ස් ආයතනයේ අධ්යක්ෂ සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති චමිලා විජේතුංග මහත්මිය විසින් මෙම ගෞරවනීය සම්මානය ලබාගත්තා. මෙය ඇකෝන් ට්‍රැවල්ස් ආයතනය සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන විශිෂ්ට සේවාව තවදුරටත් තහවුරු කරන සුවිශේෂී ජයග්‍රහණයක්.
1973 වසරේදී ආරම්භ කළ ඇකෝන් ට්‍රැවල්ස් ආයතනය, දශක පහකට අධික කාලයක් පුරා සංචාරක ක්ෂේත්රයේ විශ්වාසවන්ත නාමයක් ලෙස කටයුතු කරනවා. ආයතනික සංචාරක කළමනාකරණය, ගුවන් ටිකට්පත් වෙන් කිරීම්, වීසා පහසුකම් සහ පුද්ගලාරෝපිත නිවාඩු අත්දැකීම් ලබාදීම හරහා ඔවුන් පාරිභෝගිකයන් අතර ඉහළ පිළිගැනීමක් ලබා තිබෙනවා. මේ ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් විජේතුංග මහත්මිය පැවසුවේ, තම ආයතනයේ සේවක මණ්ඩලයේ කැපවීම, ව්‍යාපාරික හවුල්කරුවන්ගේ සහයෝගය සහ ගනුදෙනුකරුවන් තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය නිසාම මෙම ජයග්‍රහණය ලබාගැනීමට හැකි වූ බවයි.
ඉදිරියේදීත් තව තවත් නවීන පහසුකම් සහ කාර්යක්ෂම සේවාවන් හරහා සංචාරකයන්ගේ අවශ්‍යතා හඳුනාගෙන, ඔවුන්ගේ ගමන් බිමන් වඩාත් පහසු සහ සුවපහසු කිරීමට ඇකෝන් ට්‍රැවල්ස් කණ්ඩායම බලාපොරොත්තු වෙනවා. ‘Inspiring Journeys’ යන තේමාව යටතේ සිය සේවාවන් තවදුරටත් පුළුල් කරමින්, ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය තුළ අලුත් බලාපොරොත්තු සමඟ ඉදිරියට යාමට ඔවුන් සූදානම්.

Discussion & Feedback