හොලිවුඩ් නළු ආරොන් ටේලර්-ජොන්සන් රංගනයෙන් දායක වන ‘Fuze’ චිත්රපටය මේ දිනවල අන්තර්ජාලය පුරා ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. පසුගියදා HBO Max හරහා නිකුත් වුණු මේ මිනිත්තු 97ක අපරාධ ත්රාසජනක චිත්රපටය, නිකුත් වෙලා පැය 24ක් යන්නත් කලින්ම ඇමරිකාවේ වැඩිම පිරිසක් නරඹපු චිත්රපටය විදිහට අංක එකේ ස්ථානය දිනාගන්න සමත් වුණා. සිනමාහල්වලදී එතරම් ලොකු සාර්ථකත්වයක් නොලැබුණත්, ස්ට්රීමින් හරහා මේ චිත්රපටය ප්රේක්ෂකයන් අතර හරිම ජනප්රිය වෙලා තියෙනවා.
මේ චිත්රපටයේ ආරොන් ටේලර්-ජොන්සන් එක්ක තියෝ ජේම්ස් ප්රධාන චරිත නිරූපණය කරනවා. බැංකු කොල්ලයක් සහ බෝම්බයක් නිෂ්ක්රීය කිරීම වටා ගෙතුණු මේ කතාවේ තියෙන අනපේක්ෂිත සිදුවීම් සහ අවසානයේ එන සුපිරිම ට්විස්ට් එක නිසා ප්රේක්ෂකයෝ මේකට ගොඩක් කැමති වෙලා තියෙනවා. Rotten Tomatoes දර්ශකයේත් 72%ක අගයක් ලබාගෙන තියෙන මේ චිත්රපටය, ඇත්තටම බලන්න වටිනා නිර්මාණයක් කියලා තමයි බොහෝ දෙනා කියන්නේ.
ආරොන් ටේලර්-ජොන්සන්ගේ රංගන දිවියේ තවත් වැදගත් සන්ධිස්ථානයක් විදිහට මේ වසරේ අවසානයේදී ඔහුගේ ‘Werwulf’ චිත්රපටයත් තිරගත වෙන්න නියමිතයි. ඒ වගේම ඔහුගේ තවත් නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී එන්න තියෙනවා. ඉතින්, ඔයා හොඳ ක්රයිම් ත්රීලර් එකක් බලන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, අනිවාර්යයෙන්ම HBO Max හරහා ‘Fuze’ චිත්රපටය නරඹලා බලන්න පුළුවන්.

Discussion & Feedback