ප්රසිද්ධ අධ්යක්ෂක ආරොන් සෝකින්ගේ අලුත්ම චිත්රපටය වන ‘ද සෝෂල් රෙකනින්’ (The Social Reckoning) චිත්රපටයේ මාක් සකර්බර්ග්ගේ චරිතයට පණ පොවන ජෙරමි ස්ට්රෝංගේ රංගන විලාසය මේ දිනවල ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. සෝකින් කියන විදියට, ජෙරමි මේ චරිතය වෙනුවෙන් තමන්ගේ සැබෑ ස්වභාවය සම්පූර්ණයෙන්ම අතහැරලා, රූගත කිරීම් අතරතුරදීත් නිතරම සකර්බර්ග් විදියටමයි හැසිරිලා තියෙන්නේ. ඔහු තමන්ගේ සහය නළුවන් එක්ක කතාබහ කරන්නේ නැතුව, හරියට මාක් සකර්බර්ග් අනිත් අයව සලකනවා කියලා ජෙරමි හිතන විදියටම ඔවුන්ව මගහැරලා ඉඳලා තියෙනවා.
මේ ගැන සෝකින් කියන්නේ, ජෙරමි රූගත කිරීම් වෙලාවේදී තමන්ගේම කටහඬින් කතා කරන්නේවත්, සාමාන්ය විදියට ඇවිදින්නේවත් නැති තරමටම ඒ චරිතයට බර වෙලා හිටපු බවයි. ඒ වගේම ඔහු චිත්රපටය පටන් ගන්න කලින් සකර්බර්ග්ට ඊමේල් එකක් යවමින් තමන් මේ චරිතය ඉතාම වගකීමෙන් සහ ගෞරවයෙන් කරන බවත් පවසා තිබුණා. ඔක්තෝබර් 9 වැනිදා තිරගත වීමට නියමිත මේ චිත්රපටය, ෆේස්බුක් සමාගම නිසා සමාජයට සිදුවුණු හානි සහ රහස් හෙළිදරව් වීම් වටා ගෙතුණු කතාවක්. කොහොම වුණත්, රංගනය වෙනුවෙන් මෙතරම් දැඩි ලෙස චරිතයකට ඇතුළු වීම ගැන රසිකයන් අතර විවිධ මත පළවෙනවා. සමහරු මේක විශිෂ්ට කැපවීමක් කියලා කියද්දී, තවත් අය කියන්නේ මේක සහය නළුවන්ට සහ කාර්ය මණ්ඩලයට හරිම අපහසු වැඩක් කියලා.

Discussion & Feedback