කාල තරණය (Time Travel) ගැන විවිධ කතා මාලා අපි ඕනෑ තරම් දැකලා තියෙනවා. හැබැයි ඒ හැම එකක්ම තාර්කිකව ගලාගෙන යන්නේ නැහැ. ඒත් දැන් A24 ආයතනය සූදානම් වෙන්නේ ‘Dark’ සහ ’12 Monkeys’ වගේ අතිශය ජනප්රිය සහ තාර්කික කතා මාලා ගණයට එකතු වෙන්න පුළුවන් අලුත්ම නිර්මාණයක් එළිදක්වන්න. මේක පදනම් වෙලා තියෙන්නේ කාලියන් බ්රැඩ්ලි ලියපු ‘The Ministry of Time’ කියන ජනප්රිය නවකතාව මතයි. 2026 වසරේදී මේකේ රූගත කිරීම් ආරම්භ වෙන්න නියමිතයි.
මේ කතාවේ තියෙන්නේ අනාගත ලන්ඩන් නගරයේ පිහිටි රජයේ ආයතනයක් ගැන. ඔවුන් අතීතයේ විවිධ ව්යසනයන්ට මුහුණ දීලා මියයන්නට සිටින අයව බේරගෙන වර්තමානයට ගේනවා. මේ කතාවේ ප්රධාන චරිතය වෙන්නේ අතීතයෙන් ආපු කමාන්ඩර් ග්රැහැම් ගෝර් සහ ඔහුට උදව් කරන සිවිල් සේවිකාවක්. ඔවුන් දෙදෙනා අතර ඇතිවෙන ආදර සම්බන්ධතාවය නිසා රජයේ ආයතනයේ තියෙන අඳුරු රහස් එළියට එනවා. මේක හුදෙක් කාල තරණ කතාවක් විතරක් නෙවෙයි, ඒක ඇතුළේ ඔත්තු සේවා ක්රියාදාම සහ ආදර කතාත් අන්තර්ගත වෙනවා.
මේ නවකතාව දැනටමත් ලෝකයේ බොහෝ සම්මාන දිනාගෙන තියෙනවා. ඒ වගේම ‘Normal People’ වැනි විශිෂ්ට නිර්මාණවලට දායක වුණු ඇලිස් බර්ච් මේ කතා මාලාවේ ප්රධාන ලේඛිකාව විදිහට කටයුතු කරන නිසා, මේක අනිවාර්යයෙන්ම බලන්න වටිනා නිර්මාණයක් වේවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback