ලෝකයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරික ආයෝජන සමාගමක් වන Andreessen Horowitz (a16z) විසින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ භෞතික යටිතල පහසුකම් දියුණු කිරීම අරමුණු කරගෙන අලුත්ම අරමුදලක් හඳුන්වා දීලා තියෙනවා. ‘Machine Age’ නමින් නම් කරලා තියෙන මේ අරමුදල සඳහා ඔවුන් ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක් වෙන් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මෘදුකාංග ක්ෂේත්රයට වැඩි අවධානයක් යොමු කරන මේ සමාගම, මෙවර සම්පූර්ණයෙන්ම වෙනස් මගකට පිවිසෙමින් දෘඩාංග (Hardware) සහ තාක්ෂණික යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජනය කරන්න තීරණය කරලා තියෙනවා.
මේ අරමුදල හරහා ප්‍රධාන වශයෙන්ම පරිගණක චිප්ස්, මතක ධාරිතාව (Memory), දත්ත මධ්‍යස්ථාන (Data Centers) සහ රොබෝ තාක්ෂණය වැනි අංශවලට වැඩි අවධානයක් යොමු කරනවා. ඒ වගේම AI තාක්ෂණයට අවශ්‍ය බලශක්ති කාර්යක්ෂමතාව, සිසිලන පද්ධති සහ ඒ සඳහා අවශ්‍ය භෞතික ඉඩකඩ වැනි දේවල් දියුණු කිරීමත් ඔවුන්ගේ අරමුණක්. කෘත්‍රිම බුද්ධිය කියන්නේ ලෝකයේ ගැටලු විසඳන්න තියෙන බලවත්ම මෙවලම බවත්, ඒ නිසාම මේ ක්ෂේත්රයේ දියුණුව ජාතික මට්ටමේ අවශ්‍යතාවයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.
මේ හරහා ඉදිරියේදී වඩාත් වේගවත් සහ කාර්යක්ෂම පද්ධති නිර්මාණය වෙයි කියලා තාක්ෂණික ලෝකය බලාපොරොත්තු වෙනවා. AI යුගයේදී තිරසාර ලෙස දේවල් ගොඩනඟන්නේ කොහොමද කියන එක ගැන මේ වන විටත් ලෝකයේ බොහෝ දෙනෙක් සාකච්ඡා කරමින් ඉන්නවා. ඇත්තටම මේ වගේ ආයෝජනයක් නිසා අනාගතයේදී තාක්ෂණික ලෝකයේ විශාල පෙරළියක් බලාගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback