අභ්යවකාශයේ සිදුවන ඉතාමත් දුර්ලභ සහ විශ්මිත සිදුවීමක් වන තරු පිපිරීමක් හෙවත් සුපර්නෝවා පිපිරීමක් ගැන මේ දිනවල ලොව පුරා තාරකා විද්යාඥයන් සහ ආධුනිකයන් අතර ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ‘SN 2026aaiv’ ලෙස නම් කර ඇති මෙම පිපිරීම සිදුවෙලා තියෙන්නේ අපේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 45ක් දුරින් පිහිටි NGC 7331 නම් සර්පිලාකාර මන්දාකිණිය තුළයි. පෙගසස් තාරකා මණ්ඩලයේ දකින්න ලැබෙන මෙම මන්දාකිණිය මේ දිනවල අභ්යවකාශ ඡායාරූප ශිල්පීන්ගේ ප්රධාන ඉලක්කයක් බවට පත්වෙලා තියෙනවා. ඇන්ඩෲ මැකාති වැනි ප්රසිද්ධ ඡායාරූප ශිල්පීන් පවා මේ වන විටත් මෙම පිපිරීමේ දර්ශන ඉතා පැහැදිලිව කැමරාවට හසුකරගෙන තියෙනවා.
ඔබත් තාරකා විද්යාවට කැමති කෙනෙක් නම්, ඔබටත් මේ සුපර්නෝවා පිපිරීම දැකගන්න පුළුවන්. ඒ සඳහා සාමාන්ය දුරේක්ෂයකට වඩා තරමක් විශාල දුරේක්ෂයක් අවශ්ය වෙනවා. විශේෂයෙන්ම ‘Seestar S50’ වැනි ස්මාර්ට් දුරේක්ෂයක් භාවිතා කරන අයට ඉතා පහසුවෙන් මෙම මන්දාකිණිය සහ එහි සිදුවන පිපිරීම ඡායාරූප ගත කරන්න පුළුවන්. රාත්රී අහසේ පෙගසස් තාරකා මණ්ඩලය දෙසට අවධානය යොමු කිරීමෙන් ඔබට මේ අපූරු දර්ශනය සොයාගන්න පුළුවන්. සුදු වාමන තරුවක් තම සහකාර තරුවෙන් ද්රව්ය උරා ගැනීම නිසා සිදුවන මෙම ‘Type Ia’ වර්ගයේ පිපිරීමක් අභ්යවකාශයේ සිදුවන ඉතාමත් දරුණු සහ බලගතු සිදුවීමක්. මේ පිපිරීම තවදුරටත් දීප්තිමත් වෙමින් පවතින නිසා, තාරකා විද්යා ලෝලීන්ට මෙය නිරීක්ෂණය කරන්න තවමත් හොඳ අවස්ථාවක් තියෙනවා.

Discussion & Feedback