අභ්යවකාශ විද්යාඥයන් විසින් මෑතකදී සොයාගෙන තියෙන විදිහට, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1300ක් දුරින් පිහිටි ‘GW Orionis’ කියන තරු පද්ධතියේ ඉතාමත් අමුතු දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මේ පද්ධතියේ තරු තුනක් වටා තියෙන ග්රහලෝක නිර්මාණය වන දූවිලි සහ වායු තැටි, සාමාන්ය විදිහට නෙවෙයි තියෙන්නේ. මේවා එකිනෙකට වෙනස් කෝණවලින් ඇල වෙලා තියෙන බවයි පර්යේෂකයන් කියන්නේ. මේ අමුතු හැසිරීමට හේතුව වෙලා තියෙන්නේ කිලෝමීටර් ට්රිලියන 1.6ක් දිගු, අභ්යවකාශයේ තියෙන දැවැන්ත වායු ගංගාවක්. චිලී රාජ්යයේ පිහිටි ALMA දුරේක්ෂය හරහා තමයි මේ විශ්මිත සොයාගැනීම කරලා තියෙන්නේ.
පර්යේෂකයන් මුලින් හිතුවේ මෙතන තියෙන ග්රහලෝකයක බලපෑම නිසා මේ තැටි ඇල වෙලා ඇති කියලයි. නමුත් ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ අභ්යවකාශයේ තියෙන මේ දැවැන්ත වායු ප්රවාහය, තරු පද්ධතියේ පිටතින්ම තියෙන වළල්ල මත ගැටීමයි. මේ වායු ගංගාවෙන් ලැබෙන බලපෑම නිසා තමයි ඒ වළල්ලේ කෝණය වෙනස් වෙලා තියෙන්නේ. මේ සොයාගැනීම මගින් විශ්වයේ ග්රහලෝකවල කක්ෂයන් ඇයි මෙතරම් අමුතු විදිහට පිහිටන්නේ කියන ගැටලුවට ලොකු පිළිතුරක් ලැබෙනවා. මේ වගේ සොයාගැනීම්වලින් අපේ සෞරග්රහ මණ්ඩලය වගේම අනෙක් තරු පද්ධති කොහොමද හැදුණේ කියන එක ගැන තවත් හොඳ අවබෝධයක් ගන්න අපිට පුළුවන් වෙනවා.

Discussion & Feedback