චීනයේ බීජිං නුවර පිහිටි අතිශය උසැති CITIC කුළුණේ කුඩා ගුවන් යානයක් ගැටී දින හතරක් ගතවී තිබුණත්, මේ සිදුවීම පිටුපස ඇති සැබෑ හේතුව තවමත් ලෝකයටම අභිරහසක් වෙලා. මේ අනතුරින් යානයේ සිටි නියමුවා මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලැබුවත්, චීන බලධාරීන් මේ ගැන පවසන්නේ ඉතාම කෙටි සහ සීමිත තොරතුරු ප්‍රමාණයක් විතරයි. ලෝකයේ දැඩිම ගුවන් සීමා පාලනයක් පවතින නගරයක් තුළ මෙවැනි සිදුවීමක් සිදුවීම විශාල ආරක්ෂක බිඳවැටීමක් ලෙසයි විචාරකයින් දකින්නේ. විශේෂයෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ මූලස්ථානයට ඉතා ආසන්නයේ මේ අනතුර සිදුවීම නිසා මෙය දේශපාලනිකව විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා.
මේ සිදුවීමෙන් පස්සේ චීනය තුළ දැඩි තොරතුරු වාරණයක් ක්‍රියාත්මක වෙනවා. අන්තර්ජාලයේ තිබූ අනතුරට අදාළ වීඩියෝ දර්ශන පමණක් නෙවෙයි, එම ගොඩනැගිල්ලට සම්බන්ධ සාමාන්‍ය ඡායාරූප පවා සමාජ මාධ්‍යවලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තියෙනවා. ගුවන් සේවා ආයතනවලටත් මේ ගැන කිසිවක් නොපවසන ලෙස උපදෙස් ලැබී ඇති බවයි වාර්තා වෙන්නේ. මෙය නියමුවාගේ අතපසුවීමක්ද, යාන්ත්‍රික දෝෂයක්ද නැතිනම් හිතාමතා කළ දෙයක්ද යන්න තවමත් පැහැදිලි නැහැ. කෙසේ වෙතත්, චීන රජය මේ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ නිහඬතාවක් රකිමින් තොරතුරු වසන් කිරීමට උත්සාහ කිරීම ලෝකය පුරාම සැක මතු කරන කරුණක් වෙලා තියෙනවා.

Discussion & Feedback