චීනයේ බීජිං නුවර පිහිටි අතිශය උසැති CITIC කුළුණේ කුඩා ගුවන් යානයක් ගැටී දින හතරක් ගතවී ඇතත්, මේ සිදුවීම සම්බන්ධයෙන් චීන බලධාරීන් තවමත් නිශ්චිත තොරතුරක් හෙළි කර නැහැ. මෙම අනතුරින් යානයේ සිටි නියමුවා මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබුණත්, ලෝකයේ දැඩිම ගුවන් සීමා පාලනයක් පවතින බීජිං නුවරට මෙවැනි යානයක් ඇතුළු වූයේ කෙසේද යන්න විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. චීන රජය මේ සම්බන්ධයෙන් ඉතා කෙටි වාර්තාවක් පමණක් නිකුත් කර ඇති අතර, මේ වන විට අන්තර්ජාලයෙන් දර්ශන සහ තොරතුරු ඉවත් කරමින් දැඩි වාරණයක් ක්‍රියාත්මක කරන බව පෙනෙන්නට තිබෙනවා.
මෙම සිදුවීම චීනයේ දේශපාලන කේන්ද්‍රස්ථානය වන ‘ෂොන්ග්නාන්හායි’ ආසන්නයේ සිදුවීම නිසා මෙය විශාල ආරක්ෂක අතපසුවීමක් ලෙස විචාරකයින් පෙන්වා දෙනවා. මේ වන විට චීනයේ සැහැල්ලු ගුවන් යානා මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා ඇති අතර, ඒ පිළිබඳව කිසිවක් නොපවසන ලෙස ගුවන් සේවා සමාගම්වලට උපදෙස් ලැබී තිබෙනවා. මෙය නියමුවාගේ දෝෂයක්ද, තාක්ෂණික දෝෂයක්ද නැතහොත් හිතාමතා කළ දෙයක්ද යන්න තවමත් අභිරහසක්. කෙසේ වෙතත්, ලෝකයේ ආරක්ෂිතම නගරයක් ලෙස සැලකෙන බීජිං නුවර මෙවැනි සිදුවීමක් වීම චීන රජයට දැඩි දේශපාලන අපහසුතාවයක් සහ ආරක්ෂක අභියෝගයක් වී ඇති බව නම් පැහැදිලියි.

Discussion & Feedback