මීට වසර දෙකකට කලින්, ඒ කියන්නේ 2022 ඔක්තෝබර් මාසයේදී, අභ්යවකාශයේ සිදුවුණු අති දැවැන්තම ගැමා කිරණ පිපිරීමක් විද්යාඥයන් විසින් සොයාගත්තා. මේක හඳුන්වන්නේ ‘BOAT’ හෙවත් ‘Brightest of All Time’ කියන නමින්. මේ පිපිරීමෙන් පිටවුණු ඉතා ඉහළ ශක්තියක් තියෙන ෆෝටෝනයක් (ආලෝක අංශුවක්) පෘථිවියට ළඟා වෙලා තියෙනවා. සාමාන්යයෙන් භෞතික විද්යා නීතිවලට අනුව, ආලෝක වර්ෂ බිලියන දෙකක් වගේ ඈත දුරක ඉඳන් එන මෙවැනි අංශුවක් අතරමගදී විනාශ වෙන්න ඕනේ. මොකද අභ්යවකාශය පුරාම තියෙන පසුබිම් විකිරණ එක්ක මේවා ගැටෙන නිසා. හැබැයි මේ අංශුව ඒ හැම බාධාවක්ම පහු කරගෙන පෘථිවියට ආපු එක විද්යාඥයන්ට ලොකු ප්රශ්නයක් වුණා.
මේ අභිරහස විසඳන්න ඉතාලි ජාතික තාරකා භෞතික විද්යා ආයතනයේ පර්යේෂකයන් කණ්ඩායමක් අලුත් මතයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් කියන විදිහට, අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ මූලික නීතියක් වන ‘ලොරෙන්ට්ස් ඉන්වේරියන්ස්’ (Lorentz invariance) කියන එක ඉතා ඉහළ ශක්ති මට්ටම්වලදී උල්ලංඝනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ, මේ ෆෝටෝන අභ්යවකාශයේදී ‘ඇක්සියෝන්’ වගේ අංශු බවට පත් වෙලා, නැවතත් ආලෝක අංශු බවට හැරෙමින්, අර කියන බාධක මගහැරලා එන්න ඇති කියලා ඔවුන් විශ්වාස කරනවා. සරලවම කිව්වොත්, මේ අංශු අභ්යවකාශයේ තියෙන ‘වේගවත් මංතීරුවක්’ ඔස්සේ ගමන් කරලා තියෙනවා. මේ සොයාගැනීම අභ්යවකාශ විද්යාවේ අලුත් පිටුවක් පෙරළන්න පුළුවන් වැදගත් පියවරක් විදිහටයි විද්යාඥයන් දකින්නේ.

Discussion & Feedback