ඇමරිකාවේ අයිඩහෝ ප්රාන්තයේ සිසුන් සිව්දෙනෙකු ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ වරද පිළිගෙන ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින බ්රයන් කෝබර්ගර්, තමා කළ වරද පිළිගැනීම ආපසු හරවා ගැනීමට උත්සාහ කිරීම මේ වන විට ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. මීට පෙර මරණ දණ්ඩනයෙන් බේරීම සඳහා වරද පිළිගත් ඔහු, දැන් පවසන්නේ තමාට වැරදි තොරතුරු ලබා දී බලපෑම් කළ බවයි. කෙසේ වෙතත්, මෙම ඝාතනයට ලක්වූ කේලි ගොන්කල්ව්ස්ගේ පවුලේ අය පවසන්නේ කෝබර්ගර් යනු තමන්ගේ ප්රසිද්ධිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන ‘නාරිසිස්ට්’ හෙවත් ආත්මකාමී පුද්ගලයෙක් බවයි. ඔහු එකල අධිකරණයේදී ස්වේච්ඡාවෙන් වරද පිළිගත් බවත්, දැන් මෙවැනි ප්රකාශ නිකුත් කරමින් වින්දිතයන්ගේ පවුල්වලට නැවතත් මානසික පීඩනයක් ලබා දෙන බවත් ඔවුන් චෝදනා කරනවා.
නීති විශේෂඥයන් පවසන පරිදි, කෝබර්ගර්ගේ මෙම උත්සාහය සාර්ථක වීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. මන්ද ඔහු මීට පෙර විනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දී පවසා තිබුණේ තමා කිසිදු බලපෑමකින් තොරව, තමා කළ වරද පිළිගන්නා බවයි. අයිඩහෝ නීතිපතිවරයා ද පවසා ඇත්තේ වින්දිතයන්ගේ පවුල් දැනටමත් දරාගත නොහැකි වේදනාවක සිටින බවත්, ඔවුන්ට යුක්තිය ඉටු කිරීමට තම කාර්යාලය ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බවත්ය. 2022 වසරේ සිදු වූ මෙම බිහිසුණු ඝාතනය මුළු ඇමරිකාවම කම්පනයට පත් කළ අතර, වසර දෙකකට පසු ඔහු මෙලෙස තම ස්ථාවරය වෙනස් කිරීම බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

Discussion & Feedback