ජපානයේ යවාටා නගරයේ නගරාධිපතිනිය වන 35 හැවිරිදි ෂෝකෝ කවාටා, එරට ඉතිහාසයේ මාතෘ නිවාඩු ලබා ගන්නා පළමු නගරාධිපතිනිය ලෙස වාර්තා පොත් අතරට එක්වෙන්න සූදානම් වෙනවා. ඇය සැප්තැම්බර් මාසයේදී දරුවෙකු බිහි කිරීමට නියමිත අතර, ඒ වෙනුවෙන් මාස හතරක කාලයක් නිවාඩු ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. ජපානයේ දේශපාලන ක්ෂේත්රය තුළ තවමත් කාන්තාවන්ගේ නියෝජනය ඉතා අඩු මට්ටමක පවතින අතර, මෙවැනි තීරණයක් ගැනීම නිසා ඇය මේ වන විට ජපානය පුරා දැඩි කතාබහකට ලක්වෙලා තියෙනවා.
ඇගේ මේ තීරණයට සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන්නේ මිශ්‍ර ප්‍රතිචාරයි. සමහරු පවසන්නේ ඇය පවුල් ජීවිතයට මුල්තැන දීම අගය කළ යුතු බවත්, මෙය අනෙකුත් කාන්තාවන්ට දේශපාලනයට පිවිසීමට හොඳ ආදර්ශයක් බවත්ය. නමුත් තවත් පිරිසක් පවසන්නේ රාජ්‍ය නිලධාරිනියක් මෙලෙස නිවාඩු ලබා ගැනීම වගකීම් විරහිත ක්‍රියාවක් බවයි. කෙසේ වෙතත්, කවාටා පවසන්නේ තමන්ගේ වෘත්තීය ජීවිතය සහ පවුල් ජීවිතය සමබරව පවත්වාගෙන යාම වැදගත් බවත්, දේශපාලනයේ නිරත වන කාන්තාවන්ට දරුවන් ලැබීම නිසා සිය රැකියාව අතහැර දැමීමට සිදුවීම අසාධාරණ බවත්ය.
ජපානයේ දැනට පවතින නීති පද්ධතිය තුළ තේරී පත් වූ නිලධාරීන් සඳහා නිල වශයෙන් මාතෘ නිවාඩු ලබා ගැනීමට පහසුකම් නැහැ. ඒ නිසා ඇය සිය රාජකාරි කටයුතු තාවකාලිකව තම නියෝජිතයෙකු වෙත පවරා දීමට කටයුතු කර තිබෙනවා. මෙම සිදුවීම ජපානය තුළ කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය සහ මාතෘ නිවාඩු පිළිබඳව නැවත වරක් පුළුල් සංවාදයක් ඇති කිරීමට සමත් වෙලා තියෙනවා.

Discussion & Feedback