මහනුවර උඩුනුවර වහංග ප්‍රදේශයේ පදිංචි මෆාස් නජ්මුදීන් කියන තරුණයා මක්කම බලා ගියේ දින නවයක කෙටි වන්දනා ගමනක් සඳහායි. හැබැයි ඒ ගමන ඔහු හිතපු නැති විදිහටම මාස නවයක දීර්ඝ සංචාරයක් බවට පත්වුණා. 2022 සැප්තැම්බර් මාසයේදී කොළඹින් පිටත් වුණු ඔහු, තමන්ගේ යාළුවෝ ආපහු ලංකාවට ආවත් තමන්ගේ ගුවන් ටිකට් පත අවලංගු කරලා මැදපෙරදිග පුරා සංචාරය කරන්න තීරණය කළා. සෞදි අරාබිය, බහරේනය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා ඔහු ගිය මේ ගමන ඇත්තටම හරිම අපූරුයි. “මම දින නවයක් සැලසුම් කළා, ඒත් අල්ලාහ් මට මාස නවයක සැලැස්මක් දීලා තිබුණා” කියලා ඔහු මේ ගැන හරිම ආදරයෙන් සිහිපත් කරනවා.
මේ සංචාරය අතරතුර ඔහුට කටාර්හි පැවැත්වුණු ලෝක කුසලාන පාපන්දු තරගාවලියත් සජීවීව නරඹන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම ප්‍රංශය සහ මොරොක්කෝව අතර පැවැත්වුණු අවසන් පූර්ව තරගය සහ ආර්ජන්ටිනාව සහ ප්‍රංශය අතර පැවැත්වුණු අවසන් මහා තරගය නරඹන්න ලැබීම ඔහුගේ ජීවිතේ අමතක නොවන අත්දැකීමක් වුණා. මේ සියලු අත්දැකීම් එකතු කරලා ඔහු “Makkah to FIFA: Faith, Friendship, Discovery” නමින් පොතක් ලියලා තියෙනවා. මේ පොත පසුගියදා කොළඹ නෙළුම් කුළුණේදී එළිදැක්වුණා. දැනට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 79 සහ 80 යන කුටිවලින් ඔබට මේ අපූරු සංචාරක අත්දැකීම කියවන්න පුළුවන්. ඔක්තෝබර් 4 වෙනිදා දක්වා මේ පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන නිසා ඔබටත් මේ පොත මිලදී ගන්න පුළුවන්.

Discussion & Feedback