ලොව පුරාම රසිකයින්ගේ ආදරය දිනාගත් ජනප්රිය K-Pop සංගීත කණ්ඩායමක් වන ‘TWICE’ හි සාමාජිකාවක වන සනා මිනාටෝසාකි, සිය ප්රථම සිනමා රංගනය සඳහා එක්වීමට සූදානම් වන බවට මේ වන විට තොරතුරු වාර්තා වෙනවා. වසර 11ක් පුරා සංගීත ක්ෂේත්රයේ ඉහළම ජනප්රියත්වයක් ලබා සිටින ඇය, මෙතෙක් රංගන ශිල්පිනියක ලෙස දායක වී නොතිබුණත්, ‘Nyangi’ නම් නවතම චිත්රපටය හරහා ඇය සිය රංගන දිවිය ආරම්භ කිරීමට නියමිතයි. මෙම පුවත ඇගේ රසිකයින් අතර විශාල කතාබහක් ඇති කිරීමට සමත් වී තිබෙනවා.
මෙම චිත්රපටය පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් රහසක් ලෙස පවතින අතර, එහි කතා තේමාව හෝ සනා රඟපාන චරිතය ගැන නිල වශයෙන් කිසිවක් ප්රකාශ කර නැහැ. කෙසේ වෙතත්, ඇය සමඟ ප්රධාන චරිතයට පණ පොවන්නේ ජපානයේ අතිශය ජනප්රිය නළුවෙකු වන ටකේරු සතෝ බව වාර්තා වෙනවා. මෙය කොරියානු සහ ජපන් නිෂ්පාදනයක් ලෙස නිර්මාණය වන අතර, මෙම වසර අගභාගයේදී ජපානයේදී රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතයි. ‘Nyangi’ යනු තාවකාලික නමක් පමණක් වුවත්, සනාගේ මෙම නව ගමන ඇගේ වෘත්තීය ජීවිතයේ තවත් සුවිශේෂී හැරවුම් ලක්ෂ්යයක් වනු ඇති බවටයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ.
සනාගේ මෙම රංගන පිවිසුම ගැන රසිකයින් දැඩි උනන්දුවකින් පසුවන අතර, ඇය රොමැන්ටික් චිත්රපටයකින් දායක වනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කරනවා. කෙසේ වෙතත්, චිත්රපටයේ නම හෝ කතාව වෙනස් වීමට ඉඩ ඇති බවත් වාර්තා වෙනවා. කෙසේ වෙතත්, සනාගේ රසිකයින්ට ඇයගේ මෙම නවතම රංගන දායකත්වය දැකගැනීමට තවත් ටික කාලයක් බලා සිටීමට සිදුවනු ඇති.

Discussion & Feedback