PlayStation 2 යුගයේ ගොඩක් දෙනෙක්ට අමතක වෙලා ගිය ‘My Merry May with be’ කියන විශේෂ ක්රීඩා එකතුව දැන් නැවතත් අලුත් වෙලා අපිට දකින්න ලැබෙනවා. 2005 වසරේදී නිකුත් වුණු මේ ක්රීඩාව ඇත්තටම 2002 සහ 2003 වසරවල ආපු ‘My Merry May’ සහ ‘My Merry Maybe’ කියන ක්රීඩා දෙකේ එකතුවක්. ඒ කාලේ මේ ක්රීඩා ජපානයට විතරක් සීමා වෙලා තිබුණු නිසා ගොඩක් අයට මේවා ගැන ලොකු දැනුමක් තිබුණේ නැහැ. ඒත් දැන් MAGES. Inc. ආයතනය විසින් මේ ක්රීඩාව Steam හරහා නූතන පරිගණක සඳහා නැවතත් නිකුත් කරලා තියෙනවා.
මේ ක්රීඩාව ගැන තියෙන එකම ගැටලුව තමයි මේක තවමත් ජපන් භාෂාවෙන් විතරක් තියෙන්නෙ. මේවා ඇත්තටම visual novel ගණයට වැටෙන ක්රීඩා නිසා කතාව තේරුම් ගන්න නම් ජපන් භාෂාව දැනගන්නම වෙනවා. ඉංග්රීසි පරිවර්තනයක් නැති එක ගොඩක් අයට පාඩුවක් වුණත්, කාලයත් එක්ක අමතක වෙලා ගිය මෙවැනි පැරණි ක්රීඩා අලුත් තාක්ෂණයත් එක්ක නැවත දකින්න ලැබීම සතුටට කරුණක්. ඉස්සරහට මේ වගේම තවත් අමතක වෙලා ගිය PlayStation 2 ක්රීඩා රැසක් මේ විදිහටම නැවත අලුත් වෙලා එයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback