1998 වසරේදී PlayStation ක්රීඩකයින් අතර අතිශය ජනප්රිය වුණු ‘Hard Edge’ (උතුරු ඇමරිකාවේදී T.R.A.G. ලෙස හැඳින්වූ) ක්රීඩාව, වසර 28කට පසුව අලුත්ම මුහුණුවරකින් නැවතත් අප අතරට එන්න සූදානම් වෙනවා. ජූලි 23 වැනිදා Steam හරහා නිකුත් වීමට නියමිත මෙම නවතම ක්රීඩාව ‘Hard Edge – War Zone’ ලෙස නම් කරලා තියෙනවා. මුල් ක්රීඩාව Resident Evil වලට සමාන Survival සහ Action-Adventure ගණයට අයත් වුණත්, මේ අලුත් සංස්කරණය සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක් ලබා දෙන බවයි වාර්තා වෙන්නේ.
මෙම නවතම ක්රීඩාව 4v4 Real-time Tactical Card Battler එකක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ක්රීඩකයින්ට මෙහිදී Turn-based උපාය මාර්ගික ක්රමවේදයන් භාවිතා කරන්න සිද්ධ වෙනවා. මුල් ක්රීඩාවේ සිදුවීම් වලට මාස හයකට පෙර කාලයේ සිදුවන දේවල් පාදක කරගෙන මෙය නිර්මාණය කරලා තියෙනවා. ක්රීඩකයින්ට තමන්ගේ කැමතිම ක්රීඩා විලාසය අනුව Deck-building පද්ධතියක් භාවිතා කරමින් සටන් වලට මුහුණ දෙන්න පුළුවන්. දැනට මෙය Steam හරහා පමණක් නිකුත් වන බව තහවුරු කරලා තියෙනවා.
පැරණි ක්රීඩාවක මතකයන් අලුත් කරන අතරම, සම්පූර්ණයෙන්ම වෙනස් gameplay එකක් අත්විඳින්න කැමති අයට මේක හොඳ අවස්ථාවක් වේවි. කෙසේ වෙතත්, මෙම ක්රීඩාව PlayStation 5, Xbox හෝ Nintendo Switch වැනි අනෙකුත් වේදිකා වලට නිකුත් වේවිද කියන එක ගැන තවමත් නිශ්චිත තොරතුරක් ලැබිලා නැහැ. කොහොම වුණත්, 90 දශකයේ ක්රීඩා ලෝලීන්ට මේක අනිවාර්යයෙන්ම අලුත් අත්දැකීමක් වේවි.

Discussion & Feedback