ප්‍රමාද වෙලා තියෙන අධිකරණ වෛද්‍ය වාර්තා නවදහසක් මේ මාසය ඇතුළත සම්පූර්ණ කරලා අධිකරණයට ඉදිරිපත් කරන්න අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. බන්ධනාගාර තුළ පවතින ගැටලු සහ රැඳවියන්ගේ තත්ත්වය සොයා බැලීම සඳහා ඉදිරියේදී දිවයිනේ අනෙකුත් බන්ධනාගාරවලත් මෙවැනිම නිරීක්ෂණ චාරිකා සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මේ සංචාරයේදී බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ බන්ධනාගාර නිලධාරීන්ගේ සුරක්ෂිතභාවය ගැනත් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. පල්ලන්සේන බන්ධනාගාරය තුළ හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වෙන්න විශේෂ කමිටුවක් පත් කිරීමටත් පියවර ගෙන තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ගිනි නිවන ඒකක, ත්‍රිවිධ හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් මේ කමිටුවට ඇතුළත් වෙනවා.
බන්ධනාගාර තුළ පවතින අධික තදබදය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම තම ප්‍රධාන අරමුණ බවයි. ඒ වගේම බන්ධනාගාරවල ඉන්න රැඳවියන්ගේ සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් දැනටමත් විශේෂ සැලැස්මක් සකස් කරලා තියෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Discussion & Feedback