ඇමරිකාවේ මිචිගන් ප්රාන්තයේ ග්රෑන්ඩ් හේවන් ටවුන්ෂිප් ප්රදේශයේ නිවසක හටගත් දරුණු ගින්නකින් දරුවන් හය දෙනෙකු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු මියගොස් තිබෙනවා. දහවල් කාලයේදී මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්න නිවා දැමීමෙන් පසු නිවස පරීක්ෂා කළ පොලිසියට සහ ගිනි නිවන භටයන්ට එහි තිබී මෙම මළ සිරුරු හමුවී තිබෙනවා. මියගිය දරුවන්ගේ වයස අවුරුදු 5ත් 15ත් අතර පවතින බවයි බලධාරීන් පවසන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔටාවා ප්රාන්තයේ ෂෙරිෆ් කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේ, මියගිය අය අතරින් කිහිප දෙනෙකුගේ සිරුරු මත වෙඩි වැදුණු සලකුණු දක්නට ලැබෙන බවයි. මෙය ඉතා සංකීර්ණ සිද්ධියක් බවත්, ගින්න හිතාමතාම ඇති කළ එකක් බවට සැකයක් පවතින බවත් ඔවුන් පවසනවා. කෙසේ වෙතත්, මේ වන විටත් පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින අතර, පිටස්තර පුද්ගලයින් කිසිවෙකු සම්බන්ධ බවට සාක්ෂි නොමැති නිසා මෙය මිනීමැරුමක් සහ සියදිවි නසාගැනීමක් විය හැකි බවට පොලිසිය සැක පළ කරනවා.
නිවසේ පදිංචිව සිටි සියලුම දෙනා මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට මිචිගන් ප්රාන්ත පොලිසියේ ගිනි නිවන අංශයේ විශේෂඥයන් ද මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. කුඩා ප්රදේශයක සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් ප්රදේශවාසීන් දැඩි කම්පනයට පත්ව සිටිනවා.

Discussion & Feedback