ඉන්සෙප්ෂන් සහ ඉන්ටර්ස්ටෙලර් වැනි දැවැන්ත චිත්රපට හරහා ලෝකයම මවිත කළ සුප්රසිද්ධ අධ්යක්ෂ ක්රිස්ටෝපර් නෝලන්, තමන්ගේ සිනමා ගමනට ආභාෂය ලබාදුන් විද්යා ප්රබන්ධ චිත්රපට හයක් ගැන අදහස් දක්වා තිබෙනවා. නෝලන් පවසන විදිහට, හොඳ විද්යා ප්රබන්ධයක් කියන්නේ ප්රේක්ෂකයාට අමුතු දෙයක් පෙන්වන්න කලින් ඒ ලෝකය ඇත්තටම තියෙන එකක් කියලා විශ්වාස කරවන්න පුළුවන් නිර්මාණයක්. ඔහු කුඩා කාලයේ සිටම සිනමාව දෙස බැලුවේ හුදෙක් චිත්රපටයක් විදිහට නෙවෙයි, අත්දැකීමක් විදිහටයි.
මේ ලැයිස්තුවේ ඉහළින්ම තියෙන්නේ ස්ටැන්ලි කුබ්රික්ගේ ‘2001: A Space Odyssey’ චිත්රපටයයි. නෝලන්ගේ නිර්මාණවල තියෙන අභ්යවකාශයේ විශාලත්වය සහ අභිරහස ගැන තියෙන උනන්දුවට මේ චිත්රපටය ලොකු බලපෑමක් කරලා තියෙනවා. ඒ වගේම රිඩ්ලි ස්කොට්ගේ ‘Alien’ සහ ‘Blade Runner’ චිත්රපටවල තියෙන තාත්වික පරිසර නිර්මාණය සහ වායුගෝලය නෝලන්ගේ සිනමා ශෛලියට ලොකු ආදර්ශයක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ‘Blade Runner’ චිත්රපටය අධ්යක්ෂවරයෙකුගේ කාර්යභාරය ගැන ඔහුට ලොකු අවබෝධයක් ලබා දුන්නා.
තවද, ෆ්රිට්ස් ලැන්ග්ගේ ‘Metropolis’ චිත්රපටය නෝලන් හඳුන්වන්නේ විද්යා ප්රබන්ධ සිනමාවේ අත්තිවාරම වැටුණු නිර්මාණයක් විදිහටයි. ස්ටීවන් ස්පීල්බර්ග්ගේ ‘Close Encounters of the Third Kind’ චිත්රපටයත් ඔහු අගය කරන්නේ පිටසක්වල ජීවීන් දෙස මානුෂීය කෝණයකින් බැලීම නිසයි. මේ චිත්රපට හයම සිනමා ලෝලීන්ට අනිවාර්යයෙන්ම නැරඹිය යුතු, නෝලන්ගේ සිනමා දැක්ම හැඩගැස්වූ විශිෂ්ට නිර්මාණ බව කිව යුතුමයි.

Discussion & Feedback