කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකාව බලා රැගෙන ඒමට උත්සාහ කළ දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් කැනඩා බලධාරීන් විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. කැනඩා දේශසීමා සේවා ඒජන්සිය පවසන විදිහට, සැකකරුගේ ගමන් මලු තුළ තිබී හෂීස් කිලෝ 44ක් සහ කොකේන් කිලෝ 13ක් වශයෙන් මුළු මත්ද්‍රව්‍ය කිලෝ 57ක ප්‍රමාණයක් මෙලෙස සොයාගෙන තියෙනවා. පසුගිය සැප්තැම්බර් 03 වැනිදා මෙම වැටලීම සිදු කර තිබුණත්, ඒ පිළිබඳ නිල තොරතුරු පසුගිය 23 වැනිදා තමයි මාධ්‍යයට අනාවරණය කළේ.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගෙන කැනේඩියානු රාජකීය පොලිසිය වෙත භාර දී තිබෙනවා. කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් පුද්ගලයා කවුද, ඔහු ශ්‍රී ලාංකිකයෙක්ද නැද්ද යන්න හෝ ඔහුට එරෙහිව ගොනු කර ඇති චෝදනා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් කැනඩා බලධාරීන් විසින් හෙළි කරලා නැහැ. කැනඩා දේශසීමා සේවා ඒජන්සිය විසින් නිකුත් කරපු ඡායාරූපවල ගමන් මලු තුනක් සහ ඒ තුළ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය පාර්සල් කිහිපයක් පැහැදිලිවම දැකගන්න පුළුවන්.
විදේශ රටවල සිට මෙරටට මත්ද්‍රව්‍ය එවීම සම්බන්ධයෙන් මෑතකදී වාර්තා වුණු විශාලතම සිදුවීමක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කැනඩා බලධාරීන් විසින් තවදුරටත් සිදු කරමින් පවතින අතර, මෙවැනි ජාවාරම් පිටුපස සිටින ජාලය සොයා ගැනීමට ඔවුන් උත්සාහ කරනවා. කෙසේ වෙතත්, මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවේ කා වෙත ලැබීමට නියමිතව තිබුණාද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ.

Discussion & Feedback