මේ සැප්තැම්බර් මාසයේදී අපේ රාත්රී අහස තවත් සුන්දර කරමින් ග්රහලෝක පහක්ම නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා ඔබ දන්නවාද? මේ දිනවල සවස් කාලයේ බටහිර අහසේ ඉතා දීප්තිමත්ව දර්ශනය වන සිකුරු ග්රහයා මේ මාසය අවසානයත් සමඟම අපෙන් ටිකෙන් ටික ඈත් වෙලා යනවා. ඒ වගේම සැප්තැම්බර් මාසයේ අවසාන සතියේදී බුධ ග්රහයාවත් බටහිර අහසේ පහළින් දැකගන්න පුළුවන්. ඔබ සිකුරු ග්රහයාගේ පිහිටීම ආධාර කරගත්තොත් බුධ ග්රහයාව හොයාගන්න එක ගොඩක් පහසු වෙනවා.
අනිත් පැත්තෙන් සෙනසුරු ග්රහයා රාත්රී කාලයේ වැඩි වෙලාවක් නැගෙනහිර අහසේ පහළින් දර්ශනය වෙනවා. මධ්යම රාත්රියෙන් පස්සේ සෙනසුරු අහසේ ඉහළම තැනට එනවා. අඟහරු ග්රහයා අලුයම කාලයේදී අහසේ දිස්වෙන අතර, පෘථිවියට ළං වෙමින් පවතින නිසා මේ දිනවල එහි දීප්තියත් ක්රමයෙන් වැඩි වෙනවා. ඒ වගේම අලුයම කාලයේ නැගෙනහිර අහසේ ඉතා දීප්තිමත් තාරකාවක් වගේ බ්රහස්පති ග්රහයාවත් ඔබට ඉතා පැහැදිලිව දැකගන්න පුළුවන්.
මේ ග්රහලෝක නිරීක්ෂණය කරනකොට අහසේ තියෙන දුර ප්රමාණය මැනගන්න ඔබේ අත මිට මොළවා අත දිගු කරලා අංශක දහයක පමණ පරතරයක් තියෙන බව මතක තියාගන්න. සැප්තැම්බර් 22 වැනිදා සූර්ය විෂුවය සිදුවන නිසා උත්තර අර්ධගෝලයට සරත් සෘතුවත්, දක්ෂිණ අර්ධගෝලයට වසන්ත සෘතුවත් උදාවෙනවා. ඉතින් මේ සුන්දර අභ්යවකාශ දසුන මග නොහැර නිරීක්ෂණය කරන්න ඔබත් සූදානම් වෙන්න.

Discussion & Feedback