ඇනිමෙ ලෝකයේ රසිකයන්ට සතුටුදායක ආරංචියක් ලැබිලා තියෙනවා. ඒ තමයි කාලයක් තිස්සේ අපේ හදවත් දිනාගත්ත පැරණි ඇනිමෙ නිර්මාණ කිහිපයක්ම අලුත් තාක්ෂණය සහ නවීන පෙනුමකින් යුතුව 2026 වසරේදී නැවතත් අපිට බලාගන්න පුළුවන් වීම. විශේෂයෙන්ම ‘ඩ්රැගන් බෝල්’ රසිකයන් වෙනුවෙන් ටෝයි ඇනිමේෂන් ආයතනය ‘Dragon Ball Super: Beerus’ නමින් අලුත් නිර්මාණයක් එළිදක්වන්න සූදානම් වෙනවා. මීට කලින් ආපු ඩ්රැගන් බෝල් සුපර් කතා මාලාවේ තිබුණු අඩුපාඩු මගහරවා ගනිමින්, වඩාත් උසස් ඇනිමේෂන් සහ සටන් ජවනිකා එක්ක මේ කතාව නැවත නිර්මාණය කිරීම ඇත්තටම ලොකු දෙයක්.
ඒ වගේම තමයි ‘Magic Knight Rayearth’ ඇනිමෙ එකේ 30 වැනි සංවත්සරය සමරන්න ඒකත් අලුත් විදියට නැවත නිර්මාණය කරනවා. 90 දශකයේ තිබුණු ඒ අපූරු කතාව අද ඉන්න තරුණ පරපුරටත් ගැලපෙන විදියට, ඉතාම උසස් මට්ටමේ ඇනිමේෂන් එක්ක මේකේ දකින්න පුළුවන් වෙයි. මේ වගේ පැරණි නිර්මාණ අලුත් පරපුරට අත්විඳින්න ලැබීම ඇනිමෙ රසිකයන්ට ලැබෙන ලොකු අවස්ථාවක්. ඉතින් 2026 වසරේදී මේ වගේ තවත් ජනප්රිය ඇනිමෙ නිර්මාණ කිහිපයක්ම අලුත් වෙලා එන නිසා ඇනිමෙ ලෝකයම මේ වෙනුවෙන් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ.

Discussion & Feedback