තෙල්දෙණිය, වික්ටෝරියා ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සාදයක් පොලිසිය විසින් වැටලීමෙන් පසු තරුණ තරුණියන් 41 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවෙලා තියෙනවා. සමාජ මාධ්‍ය හරහා ඉතා රහසිගතව සංවිධානය කර තිබූ මෙම සාදය පිළිබඳව තෙල්දෙණිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර තිබෙන්නේ. අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 36 දෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකු සිටිනවා.
මෙම වැටලීමේදී සැකකරුවන් සතුව තිබී ගංජා මිලිග්‍රෑම් 947ක්, හෂීස් ග්‍රෑම් 3.657ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1.276ක්, මත්පෙති 18ක් සහ නීති විරෝධී සිගරට් 21ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මීට අමතරව, බියර් ටින් 35ක් සහ අරක්කු බෝතල් 13ක් ද පොලිසිය විසින් සොයාගෙන තියෙනවා. අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 21ත් 43ත් අතර පසුවන මහනුවර, ගෙලිඔය, අලුත්වත්ත, වරකාපොළ, පේරාදෙණිය, අම්පිටිය, හඟුරන්කෙත, දෙහිවල සහ කටුගස්තොට වැනි ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මේ වන විට අත්අඩංගුවට ගත් සියලුම දෙනා සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතිනවා. සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි සාද සංවිධානය කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින්, තරුණ පරපුර මෙවැනි නීති විරෝධී ක්‍රියාවලට හුරු වීම පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් ඇතිවෙලා තියෙනවා.

Discussion & Feedback