පසුගිය ජූලි 28 වැනිදා දිවයිනේ විවිධ ප්රදේශවල සිදුවූ රිය අනතුරු මාලාවකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ අතරින් හතර දෙනෙක්ම යතුරුපැදිකරුවන් වීම විශේෂත්වයක්. හුරිගස්වැව ප්රදේශයේදී පාර හරහා පැන්න බල්ලෙකු මගහැරීමට යාමේදී යතුරුපැදියේ පාලනය ගිලිහී ගොස් 59 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඒ වගේම ගොඩකවෙල ප්රදේශයේදී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් 21 හැවිරිදි තරුණයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.
මාවතගම ප්රදේශයේදී මහනුවර – කුරුණෑගල මාර්ගය හරහා මාරු වීමට උත්සාහ කළ 67 හැවිරිදි පදිකයෙක් යතුරුපැදියක ගැටීමෙන් මියගොස් තියෙනවා. මෙම අනතුරින් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකුත් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මීට අමතරව මහව ප්රදේශයේදී පැති මාර්ගයකින් ප්රධාන මාර්ගයට ඇතුළු වූ මෝටර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් 65 හැවිරිදි යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්වුණා. මෙම අනතුරට සම්බන්ධ මෝටර් රථ රියදුරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වන විට සිදුවී ඇති මෙම මාරක රිය අනතුරු සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතිනවා. පාරේ ගමන් කරන විට ඉතාමත් කල්පනාකාරීව සහ වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත්, රථවාහන නීති රීති නිවැරදිව පිළිපදින ලෙසත් බලධාරීන් රියදුරන්ගෙන් සහ පදිකයින්ගෙන් නිරන්තරයෙන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback