පසුගිය 2020 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් 3,791 දෙනෙකුම ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් තිබෙනවා. මේ බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ වෛද්‍යවරුන්ගෙන් වැඩි පිරිසක් විදේශගත වෙලා තියෙන්නේ පශ්චාත් උපාධි අධ්‍යාපනය ලැබීම සඳහායි. මීට අමතරව රැකියා සඳහා, විවාහක සහකරුවන් සමඟ යාම සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වීම වැනි හේතු මතත් විශාල පිරිසක් රට හැර ගොස් තිබෙනවා. මේ වසරේ පමණක් වෛද්‍යවරුන් 280 දෙනෙකු විදේශගත වීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
තවද, 2020 සිට 2026 ජුනි දක්වා කාලය තුළ වෛද්‍යවරුන් 1,429 දෙනෙකුට සහ විශේෂඥ වෛද්‍යවරුන් 140 දෙනෙකුට වැටුප් රහිත නිවාඩු ලබා දී තිබෙනවා. කෙසේ වෙතත්, සේවයෙන් ඉල්ලා අස්වී හෝ නිල වශයෙන් දැනුම් නොදී විදේශගත වන වෛද්‍යවරුන් පිළිබඳ නිශ්චිත දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති බවයි අමාත්‍යවරයා පවසන්නේ. වෛද්‍යවරුන් රට හැර යාම අවම කර ගැනීම සඳහා ඔවුන්ට වඩාත් හිතකර සේවා පරිසරයක් නිර්මාණය කිරීමට රජය පියවර ගනිමින් ඉන්නවා. විශේෂයෙන්ම වෛද්‍යවරුන්ගේ දීමනා වැඩි කිරීම, ප්‍රවාහන සහ නවාතැන් පහසුකම් දියුණු කිරීම වැනි පියවර දැනටමත් ක්‍රියාත්මක කර ඇති අතර, තවත් යෝජනා කිහිපයක් පිළිබඳව මේ වන විටත් අවධානය යොමු කරමින් පවතිනවා.

Discussion & Feedback