අද අපි දකින බොහෝ වීඩියෝ ක්රීඩා වලට පදනම වැටුණේ මීට වසර තිහකට පෙර නිකුත් වූ සුපර් නින්ටෙන්ඩෝ (SNES) ක්රීඩා කොන්සෝලය හරහායි. ඒ කාලේ සටන් ක්රීඩා සහ වේදිකා ක්රීඩා ජනප්රිය වෙද්දී, හරිම සරල, ගොවිතැන් කිරීම සහ ගම්බද ජීවිතය අත්විඳිය හැකි ‘Harvest Moon’ ක්රීඩාව ලෝකයට හඳුන්වා දුන්නා. ජපානයේ ‘Bokujō Monogatari’ නමින් ආරම්භ වුණු මේ ක්රීඩාව, නිෂ්පාදක යසුහිරෝ වාඩාගේ ළමා කාලයේ අත්දැකීම් ඇසුරින් නිර්මාණය වුණේ සටන් කිරීම් නැති, සාමකාමී ක්රීඩාවක් ලෙසයි. මුලදී එතරම් ජනප්රිය නොවූවත්, පසුව මෙය ලොව පුරා විශාල රසික පිරිසක් දිනාගනිමින් අද පවතින ‘Cozy Gaming’ හෙවත් සුවපහසු ක්රීඩා සංස්කෘතියේ ආරම්භය බවට පත්වුණා.
මේ ක්රීඩාවෙන් ලැබුණු ආභාෂය අදටත් අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම ලොව වැඩිම පිරිසක් ආදරය කරන ‘Stardew Valley’ ක්රීඩාව නිර්මාණය වුණේත් Harvest Moon හි තිබූ ගොවිතැන් සහ සමාජීය ක්රමවේදයන් ආදර්ශයට ගනිමිනුයි. අද වන විට Coral Island හෝ Fields of Mistria වැනි විවිධ අංග එකතු කළ නවීන ක්රීඩා රැසක් වෙළඳපොළට පැමිණ තිබුණත්, ඒ සියල්ලේම මුල් බීජය තැන්පත් වුණේ ඒ පැරණි SNES ක්රීඩාව තුළයි. තාක්ෂණය කොතරම් දියුණු වුණත්, මිනිසුන් තවමත් කැමති මෙවැනි සරල සහ සන්සුන් ක්රීඩා අත්දැකීම් වලට බව මේ ඉතිහාසය අපට කියා දෙනවා.

Discussion & Feedback