අපේ සෞරග්රහ මණ්ඩලයේ තියෙන අභිරහස් ග්රහලොවක් තමයි නෙප්චූන් කියන්නේ. ඉතින් මේ නෙප්චූන් ග්රහයා වටා තියෙන සඳවල් තුනක් ගැන අලුත්ම පර්යේෂණයකින් හරිම පුදුම හිතෙන තොරතුරක් අනාවරණය වෙලා තියෙනවා. විද්යාඥයන් කියන විදිහට මේ සඳවල් තුන බිහිවෙලා තියෙන්නේ අතීතයේ නෙප්චූන් ග්රහයාගේ විශාලතම සඳ වන ට්රයිටන් (Triton) නිසා විනාශ වුණ වෙනත් අයිස් ලෝකවල කොටස් එකතු වෙලා. ට්රයිටන් කියන්නේ නෙප්චූන්ගේ ගුරුත්වාකර්ෂණයට අහුවෙලා එයාගේ කක්ෂයට ඇතුළු වුණ විශාල සඳක්. ඒ වෙලාවේ ට්රයිටන් හරියට දැවැන්ත විනාශකාරී බෝලයක් වගේ නෙප්චූන් වටා තිබුණ මුල් සඳවල් එක්ක ගැටිලා ඒවා කුඩු කරලා දාන්න ඇති කියලා තමයි විද්යාඥයන් විශ්වාස කරන්නේ.
මේ ගැන තවදුරටත් හොයලා බලන්න ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය පාවිච්චි කරලා ලැරිසා, ගැලටියා සහ ප්රෝටියස් කියන සඳවල් ගැන පර්යේෂණ කරලා තියෙනවා. ඒකේදී හරිම පුදුම හිතෙන දෙයක් දැකගන්න ලැබුණා. ඒ තමයි මේ සඳවල්වල මතුපිට මැටි වර්ගයකට සමාන ඛනිජ වර්ග තියෙනවා කියන එක. සාමාන්යයෙන් අයිස් ලෝකවල මෙහෙම දේවල් දකින්න ලැබෙන්නේ නැහැ. මේ ඛනිජ හැදෙන්න නම් ගොඩක් උණුසුම් පරිසරයක් ඕනේ. ඒ කියන්නේ මේ සඳවල්වල තියෙන්නේ අතීතයේ විනාශ වුණ විශාල අයිස් ලෝකවල අභ්යන්තරයේ තිබුණ කොටස් කියන එක තමයි විද්යාඥයන්ගේ අදහස. මේ සොයාගැනීම නිසා අපිට අභ්යවකාශයේ තියෙන අයිස් ලෝකවල ඇතුළත මොන වගේද කියලා කෙලින්ම අධ්යයනය කරන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා.

Discussion & Feedback