ත්‍රිකුණාමලය රෝහලේදී වෛද්‍යවරුන් පිරිසක් විසින් කිලෝග්‍රෑම් 3.1ක බරකින් යුත් දැවැන්ත මුත්‍රාශ ගලක් සාර්ථකව සැත්කමකින් ඉවත් කර තිබෙනවා. මේ අසාමාන්‍ය සිදුවීම වාර්තා වෙන්නේ පක්ෂාඝාත රෝගයෙන් පෙළෙන 55 හැවිරිදි රෝගියෙකුගෙන්. මීට මාසයකට පමණ පෙර උදරයේ යම් ගැටිත්තක් ඇති බව හඳුනා ගැනීමෙන් පසුව සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී තමයි මෙය මුත්‍රාශයේ ඇති වූ ගලක් බව වෛද්‍යවරුන්ට තහවුරු වුණේ. පසුව විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් පසුගිය අගෝස්තු 14 වැනිදා ඉතාමත් සංකීර්ණ සැත්කමක් සිදු කරමින් මෙම දැවැන්ත ගල ඉවත් කිරීමට පියවර ගත්තා.
මෙම මුත්‍රාශ ගලේ දිග සෙන්ටිමීටර 14ත් 19ත් අතර ප්‍රමාණයක් වන අතර එහි බර කිලෝග්‍රෑම් 3.1ක් ලෙස සටහන් වෙනවා. ලෝකයේ මෙතෙක් වාර්තා වී ඇති විශාලතම මුත්‍රාශ ගල් අතරට මෙයත් එක්විය හැකි බවයි රෝහල් අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කරන්නේ. ඒ අනුව, මෙය ගිනස් ලෝක වාර්තාවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. රෝගියාගේ ජීවිතය බේරා ගනිමින් සිදුකළ මෙම අභියෝගාත්මක සැත්කම සාර්ථක කර ගැනීමට කැපවූ වෛද්‍ය කණ්ඩායම ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මේ වන විට විශාල පැසසුමක් හිමිවෙමින් පවතිනවා.

Discussion & Feedback