Fallout කියන්නේ ගේමින් ලෝකයේ ගොඩක් දෙනෙක් ආදරේ කරන නමක්නේ. ඉතින් මේ දවස්වල අලුත්ම ආරංචියක් ඇවිත් තියෙනවා, ඒ තමයි අවුරුදු 29කට කලින් ආපු මුල්ම Fallout ක්රීඩාව අලුත් විදියකට නැවත නිර්මාණය වෙමින් පවතිනවා කියන එක. Fallout: New Vegas එන්ජිම පාවිච්චි කරලා මේ ක්රීඩාව නැවත ගොඩනඟන්න ‘FalloutMachine’ කියන යූටියුබ් නාලිකාව හරහා ලොකු උත්සාහයක් ගන්නවා. පරණ ක්රීඩාවේ තිබුණ අයිසෝමෙට්රික් කැමරා කෝණය වෙනුවට අලුත් ක්රීඩකයන්ට හුරුපුරුදු විදියට මේක නිර්මාණය වෙමින් පවතින නිසා ගොඩක් දෙනෙක් මේ ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ.
අලුත් Fallout ක්රීඩාවක් එනකම් ගේමර්ස්ලා ගොඩක් කාලයක් තිස්සේ බලාගෙන හිටියත්, තාම නිල වශයෙන් අලුත් එකක් ගැන ලොකු තොරතුරක් ලැබිලා නැහැ. ඒ නිසා මේ වගේ රසිකයන්ගේ නිර්මාණ තමයි දැන් ගේමින් ප්රජාව අතරේ ලොකු කතාබහක් ඇති කරලා තියෙන්නේ. මේ ව්යාපෘතිය ගැන අලුත්ම තොරතුරු දැනගන්න කැමති අයට ඔවුන්ගේ Discord එකටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම Fallout 3 රිමේක් එකක් එනවා කියලා ආරංචි පැතිරෙන නිසා, ඉදිරියේදී Fallout ලෝලීන්ට හොඳ කාලයක් උදාවෙයි කියලා අපිට හිතන්න පුළුවන්.

Discussion & Feedback