යාපනය, මනිපායි ප්‍රදේශයේදී පසුගිය සෙනසුරාදා උදෑසන ඉතාමත් කණගාටුදායක සිදුවීමක් වාර්තා වුණා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි 27 හැවිරිදි තරුණයෙක්ව රථවාහන පොලිස් නිලධාරීන් විසින් නවත්වනු ලැබුවේ ඔහු ගමන් කරන අතරතුර ජංගම දුරකථනයෙන් කතා කරමින් සිටි නිසයි. පොලිසිය පවසන විදිහට, එම තරුණයා තමන්ගේ යතුරුපැදිය පාර අයිනේ නතර කළ වහාම හදිසියේම සිහිසුන්ව ඇද වැටී තිබෙනවා.
සිද්ධිය දුටු ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව වහාම 1990 ගිලන් රථයක් මගින් ඔහුව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළත්, ඒ වන විටත් ඔහු මියගොස් ඇති බවයි වෛද්‍යවරුන් තහවුරු කළේ. චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම තරුණයාගේ මරණය හදිසි මරණයක් ලෙස නම් කරමින් මල්ලාකම් අධිකරණයට කරුණු වාර්තා කිරීමට මනිපායි පොලිසිය පියවර ගත්තා. මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබෙනවා.
මරණයට නිශ්චිත හේතුව සොයා ගැනීම සඳහා ඔහුගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටත් පියවර ගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් මනිපායි පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා. හදිසියේ සිදුවූ මෙම අකල් මරණය පිළිබඳව ප්‍රදේශවාසීන් අතර ඇත්තේ දැඩි කම්පනයක්.

Discussion & Feedback