අනුරාධපුර ප්රදේශයේදී නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ සැකකටයුතු බෙහෙත් පෙති හාරසියයක් සමඟ විසිපස් හැවිරිදි තරුණයෙක්ව අත්අඩංගුවට ගැනීමට ශ්රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය සමත් වෙලා තියෙනවා. පසුගිය අගෝස්තු විසි නව වන දින උතුරු මැද නාවික විධානයේ පණ්ඩුකාභය නාවික ආයතනයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කරලා තියෙන්නේ. අනුරාධපුර මාතලේ හන්දිය ප්රදේශයේදී සිදු කළ මෙම ඒකාබද්ධ මෙහෙයුමේදී සැකකරු සතුව තිබී මෙම බෙහෙත් තොගය සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර ප්රදේශයේම පදිංචිකරුවෙක් බවයි වාර්තා වෙන්නේ. නීතිවිරෝධී ලෙස බෙහෙත් පෙති අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටියදී මෙලෙස හසුවූ සැකකරුව සහ ඔහු සන්තකයේ තිබූ බෙහෙත් පෙති තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර පොලිසිය වෙත භාර දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විසින් වැඩිදුර නීතිමය පියවර ගනිමින් පවතින අතර, මෙවැනි නීතිවිරෝධී ක්රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව සහ පොලිසිය එක්ව දිගින් දිගටම මෙහෙයුම් ක්රියාත්මක කරන බවයි දැනගන්න ලැබෙන්නේ.

Discussion & Feedback