මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන විශාල මුදල් ප්‍රමාණයක් බැංකු ගිණුම් සහ ජංගම දුරකථන සේවා හරහා හුවමාරු කිරීමේ සිද්ධියකට සම්බන්ධ 24 හැවිරිදි තරුණයෙක්ව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. වලපනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහුව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජූලි 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
පොලිසිය පවසන විදිහට මේ පරීක්ෂණ ආරම්භ වෙලා තියෙන්නේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමත් එක්කයි. එහිදී හංවැල්ල ප්‍රදේශයේ බැංකු ගිණුමක් හරහා රුපියල් ලක්ෂ 49කට අධික මුදලක් හුවමාරු වී ඇති බව අනාවරණය වුණා. මීට අමතරව, සැකකරුගේ ජංගම දුරකථන අංකයට සම්බන්ධ ‘ඊසි කෑෂ්’ (Easy Cash) සේවාව හරහා රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න මුදලක් හුවමාරු වී ඇති බවත් විමර්ශනවලදී හෙළි වෙලා තියෙනවා.
මේ සැකකරු විදේශ රටවල ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සමීප සබඳතා පවත්වන බවටත් පොලිසිය සැක කරනවා. මීට පෙර මේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණා. මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Discussion & Feedback