ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත වුණු මෙම සංශෝධනය දැන් රටේ නීතියක් විදිහට නිල වශයෙන් බලාත්මක වෙලා තියෙනවා. මේ නව සංශෝධනයත් එක්ක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ යනවා. ඒ විතරක් නෙවෙයි, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කරලා තියෙනවා. මේ පියවර ගත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවල අභියාචනාධිකරණ පිහිටුවලා, නඩු කටයුතු ඉක්මන් කරන්න සහ කොළඹටම එන්න සිද්ධ වෙන ජනතාවගේ අපහසුතා මඟහරවන්නයි.
මේ අතර, අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතටත් කථානායකවරයා අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 61 සිට 63 දක්වාත්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්රාත්වරුන්ගේ වයස අවුරුදු 60 සිට 62 දක්වාත් වැඩි වෙනවා. මහාධිකරණ විනිසුරුවරුන්ගේ උපරිම සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීම නිසා ඉදිරියේදී පළාත් මට්ටමින් නව මහාධිකරණ සහ සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවන්නත් අවස්ථාව ලැබෙනවා. මේ සියලු වෙනස්කම් 2026 අංක 23 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත ලෙසින් ක්‍රියාත්මක වෙන්න නියමිතයි.

Discussion & Feedback