ලබන සැප්තැම්බර් 22 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වෙන පාර්ලිමේන්තු සතියේ කටයුතු පිළිබඳව කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා. මේ අනුව ලබන සතියේදී ඉතාමත් තීරණාත්මක පනත් කිහිපයක්ම විවාදයට ගැනීමට නියමිතයි. විශේෂයෙන්ම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව දින දෙකක් පුරා විවාද කිරීමට මෙහිදී එකඟතාව පළ වී තිබෙනවා. කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලැබීමෙන් පසුව පමණක් මෙම විවාදය පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.
එමෙන්ම, ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ගේ වරලත් ආයතන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ විවාදය ද ලබන සතියේදී පැවැත්වෙනවා. මීට අමතරව පෙට්‍රෝලියම් සම්පත් පනත සහ අපනයන කෘෂිකර්ම ප්‍රවර්ධන සංශෝධන පනත වැනි වැදගත් කරුණු රැසක් ද සභාවේදී සාකච්ඡා කිරීමට නියමිතයි. සෑම දිනකම උදෑසන 9.30 සිට 11.30 දක්වා කාලය වාචික පිළිතුරු සඳහා වන ප්‍රශ්න සහ ස්ථාවර නියෝග යටතේ වන කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. සවස 5.00 සිට 5.30 දක්වා කාලය විපක්ෂය විසින් ගෙන එන කල් තැබීමේ යෝජනා සහ ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පාර්ලිමේන්තු කටයුතු ඉතා කාර්යබහුල සතියක් වනු ඇති බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback