22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව අවශ්‍ය වුවහොත් ජනමත විචාරණයකට යාමට වුවත් ආණ්ඩුව සූදානමින් ඉන්නවා කියලා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් අවශ්‍ය වුවහොත් එය ලබා ගැනීමටත්, නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීරණය කළහොත් ඒ සඳහා මුහුණ දීමටත් ආණ්ඩුව මේ වන විටත් සැලසුම් කරලා තියෙනවා කියලයි.
මෙම සංශෝධනය ඉදිරිපත් කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මහජනතාවගේ යහපත වෙනුවෙන් බවත්, ජනතාව වෙනුවෙන් ආරම්භ කරපු මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සැප්තැම්බර් මාසයේ අග භාගයේදී හෝ ඔක්තෝබර් මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, එම තීන්දුව ලැබුණු වහාම ඒ අනුව කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම් බවයි ඔහු පවසන්නේ. කෙසේ වෙතත්, රටේ ප්රජාතන්ත්රවාදී ව්‍යුහය ශක්තිමත් කිරීම සඳහා මෙම සංශෝධනය අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා අවශ්‍ය ඕනෑම නීතිමය පියවරක් ගැනීමට ආණ්ඩුව පසුබට වෙන්නේ නැහැ කියලත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

Discussion & Feedback