යුරෝපීය අභ්යවකාශ ඒජන්සියට අයත් ‘ටැන්ගෝ’ සහ ‘සැම්බා’ නමැති චන්ද්රිකා දෙකක් පෘථිවි වායුගෝලයට ඇතුළු වී දැවී යාමේ සිදුවීම විද්යාඥයන් පිරිසක් පෞද්ගලික ජෙට් යානයක සිට ඉතා සමීපව නිරීක්ෂණය කර තිබෙනවා. වසර 25ක් පුරා පෘථිවියේ චුම්භක ක්ෂේත්රය අධ්යයනය කළ මෙම චන්ද්රිකා දෙක, අගෝස්තු 31 සහ සැප්තැම්බර් 1 යන දිනවලදී පැසිෆික් සාගරයට ඉහළින් වායුගෝලයට ඇතුළු වුණා. අභ්යවකාශ සුන්බුන් වායුගෝලයේදී දැවී යාමේදී සිදුවන රසායනික වෙනස්කම් සහ පරිසරයට සිදුවන බලපෑම් මොනවාදැයි සොයා බැලීම මෙම පර්යේෂණයේ ප්රධාන අරමුණ වුණා.
අනාගතයේදී අභ්යවකාශයට යවන චන්ද්රිකා ප්රමාණය විශාල ලෙස වැඩි වීමට නියමිත නිසා, ඒවා වායුගෝලයට ඇතුළු වී දැවී යාමේදී ඇතිවන බලපෑම් ගැන දැනගැනීම ඉතා වැදගත්. ජෙට් යානයේ සිටි විද්යාඥයන් කැමරා සහ ස්පෙක්ට්රෝමීටර 30ක් පමණ භාවිත කරමින් මෙම චන්ද්රිකා දැවී යන ආකාරය සහ ඉන් නිකුත් වන රසායනික මූලද්රව්ය ඉතා නිවැරදිව වාර්තා කර ගත්තා. සාමාන්ය උල්කාපාතවලට වඩා සෙමින් වායුගෝලයට ඇතුළු වන චන්ද්රිකා, අහසේ දිගු වේලාවක් දැවෙන ගිනි බෝල මෙන් දර්ශනය වූ බවයි පර්යේෂකයන් පවසන්නේ. මෙම දත්ත මගින් අභ්යවකාශ සුන්බුන් පෘථිවි වායුගෝලයට හානි කරන්නේ කෙසේද යන්න පිළිබඳව අලුත් අවබෝධයක් ලබා ගැනීමට විද්යාඥයන්ට හැකි වනු ඇති.

Discussion & Feedback