අභ්යවකාශ ගමන්වලදී ඇතිවිය හැකි අනතුරු හඳුනාගැනීම සඳහා අභ්යවකාශයේදී එක්ස්-රේ (X-ray) යන්ත්රයක් භාවිතා කිරීමට විද්යාඥයන් සමත්වෙලා තියෙනවා. මීට කලින් අභ්යවකාශයේදී වෛද්ය පරීක්ෂණ සඳහා යොදාගත්තේ අල්ට්රාසවුන්ඩ් යන්ත්ර විතරයි. නමුත් අභ්යවකාශයේදී අස්ථි බිඳීම් වැනි දේවල් නිවැරදිව හඳුනාගන්න එක්ස්-රේ තාක්ෂණය ඉතාම වැදගත් වෙනවා. පසුගිය මාර්තු 31 වැනිදා සිදුකළ Fram2 මෙහෙයුමේදී, පුහුණුව ලැබූ සාමාන්ය ගගනගාමීන් පිරිසක් විසින් අතක්, උදරයක් සහ පපුවක් ඇතුළු ශරීර කොටස් කිහිපයක එක්ස්-රේ ඡායාරූප සාර්ථකව ලබාගන්න සමත් වුණා. මේ සඳහා භාවිතා කළේ සාමාන්යයෙන් පොළොවේදී භාවිතා කරන කුඩා ප්රමාණයේ අතේ ගෙන යා හැකි එක්ස්-රේ යන්ත්රයක්.
මේ පරීක්ෂණයෙන් තහවුරු වුණේ අභ්යවකාශයේදී වුණත් ඉතා පැහැදිලිව අස්ථි බිඳීම් වැනි දේවල් හඳුනාගන්න පුළුවන් බවයි. විශේෂම දේ තමයි, මේ තාක්ෂණය හුදෙක් ගගනගාමීන්ගේ සෞඛ්යයට විතරක් නෙවෙයි, අභ්යවකාශ යානාවල අමතර කොටස් පරීක්ෂා කරන්න වගේම සඳ මතුපිට පස් පරීක්ෂා කරන්නත් යොදාගන්න පුළුවන් වීම. ඒ වගේම, මේ කුඩා එක්ස්-රේ යන්ත්ර පෘථිවියේ දුෂ්කර ගම්මානවල සහ වෛද්ය පහසුකම් අඩු ප්රදේශවල වෛද්ය ප්රතිකාර සඳහාත් ඉතා පහසුවෙන් යොදාගන්න පුළුවන්. අනාගතයේදී සඳ මත ඉදිකරන කඳවුරුවල සිටින ගගනගාමීන්ගේ ආරක්ෂාවට මේ තාක්ෂණය ලොකු පිටුවහලක් වේවි කියලා තමයි විද්යාඥයන් විශ්වාස කරන්නේ.

Discussion & Feedback