ශ්‍රී ලංකාවට පළමු වරට එක්දින ලෝක කුසලානය දිනා දුන් 1996 වීරයන්ගේ මතකයන් අලුත් කරමින්, බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අලුත්ම සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් ඉදිකිරීම ආරම්භ වුණා. ’96 ලෙජන්ඩ්ස් ස්ක්වෙයාර්’ (96 Legends Square) ලෙස නම් කර ඇති මෙම මහල් 46කින් යුත් ගොඩනැගිල්ල, 1996 ලෝක කුසලාන ජයග්‍රහණයට උපහාරයක් විදියටයි නිර්මාණය වෙන්නේ. මේ විශේෂ අවස්ථාවට 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම සහභාගි වී සිටියා.
මෙම ව්‍යාපෘතියේ තියෙන විශේෂත්වය තමයි ගොඩනැගිල්ලේ අත්තිවාරම සඳහා පයිල්ස් 96ක් යොදා ගැනීම. ඒ වගේම මේ ගොඩනැගිල්ලේ සෑම මහලක්ම 1996 ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකයෙකුගේ නමින් නම් කිරීමටයි සැලසුම් කරලා තියෙන්නේ. මෙහි නිදන කාමර දෙකේ, තුනේ සහ හතරේ නිවාස මෙන්ම සුඛෝපභෝගී පෙන්ට්හවුස් දකින්න ලැබෙනවා. පදිංචිකරුවන්ට අවශ්‍ය පිහිනුම් තටාක, ව්‍යායාම ශාලා, වහලය මත දිවීමේ පථය, සුපිරි වෙළඳසැල් සහ ළමා උද්‍යාන වැනි සියලුම පහසුකම් මෙහි අන්තර්ගතයි.
විල්ස් රියල්ටර්ස් (Wills Realtors) ආයතනය විසින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය, සුඛෝපභෝගී නාගරික ජීවිතයක් සහ ක්‍රිකට් ඉතිහාසයේ අමතක නොවන මතකයන් එකම තැනකට ගෙන එනවා. මේ වන විට ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර, බත්තරමුල්ල ප්‍රදේශයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙය ඉදිරියේදී බලාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback