නාසා ආයතනය මෑතකදී දියත් කළ ආටෙමිස් 2 සඳ ගමන ලොව පුරා සිටින මිලියන 149කට අධික පිරිසකගේ අවධානය දිනා ගනිමින් අලුත් වාර්තාවක් පිහිටුවන්න සමත් වුණා. මාර්තු සහ අප්‍රේල් මාසවලදී අභ්‍යවකාශගාමීන් සිව්දෙනෙකු සඳ වටා සිදු කළ මෙම ඓතිහාසික ගමන, නාසා ආයතනයේ නිල නාලිකා ඔස්සේ සජීවීව නැරඹීමට ලොව පුරා බොහෝ දෙනෙක් එකතු වුණා. 1972 වසරෙන් පසු මිනිසුන් සඳ දෙසට ගිය පළමු ගමන මෙය වීමත්, විවිධ රටවල සහ පසුබිම්වල අභ්‍යවකාශගාමීන් මෙයට එක්වීමත් නිසා මේ පිළිබඳව ලෝකයේම දැඩි උනන්දුවක් තිබුණා.
මෙම මෙහෙයුම අතරතුර අභ්‍යවකාශගාමීන්ගේ දෛනික කටයුතු, සඳේ මතුපිට දර්ශන සහ ඔවුන්ගේ හැඟීම්බර අත්දැකීම් ලොවටම දැකගන්න ලැබුණා. විශේෂයෙන්ම අභ්‍යවකාශ යානය නැවත පෘථිවියට පැමිණි අවස්ථාවේදී මිලියන 3.8කට අධික පිරිසක් එකවර එය නැරඹීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. ආටෙමිස් 2 මෙහෙයුම මගින් අභ්‍යවකාශ ගවේෂණය කෙරෙහි තරුණ පරපුරේ සහ සාමාන්‍ය ජනතාවගේ තිබෙන උනන්දුව කොතරම්ද යන්න මනාව පැහැදිලි වුණා. නාසා ආයතනය පවසන පරිදි, මෙම දත්තවලට අමතරව ලොව පුරා ප්‍රධාන විකාශන ආයතන හරහා තවත් මිලියන ගණනක් ජනතාව මෙම ඓතිහාසික මොහොත සියැසින් දැක බලා ගත්තා.

Discussion & Feedback