අපේ රටේ සිදුවන අනතුරු අවම කරගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කරන එකොළොස්වන ජාතික අනතුරු වැළැක්වීමේ සතිය අද (ජූලි 06) දින ආරම්භ වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය සහ ජාතික තුවාල වැළැක්වීමේ කමිටුවේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන ජූලි 10 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සෑම වසරකම ජූලි මස පළමු සඳුදා සිට සිකුරාදා දක්වා කාලය තුළ මෙම වැඩසටහන පැවැත්වෙන්නේ අපේ රටේ ජනතාවට වඩාත් ආරක්ෂිත අනාගතයක් උදා කර දීමේ අරමුණින්.
මෙවර වැඩසටහන සඳහා අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන රැසක් එකතු වෙලා ඉන්නවා. ඒ හරහා අනතුරු බහුල ස්ථාන පරීක්ෂා කිරීම, මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සහ අනතුරු අවම කරගැනීම සඳහා කෙටි, මධ්‍යම සහ දිගුකාලීන පියවර හඳුන්වා දීමට බලධාරීන් කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ වැඩසටහන මේ සතියට විතරක් සීමා නොකර, අනාගතයේදීත් අදාළ පාර්ශ්වයන් එක් කරගෙන දිගින් දිගටම පවත්වාගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. අනතුරු රහිත රටක් ගොඩනගන්න නම් අප හැමෝම මේ පිළිබඳව අවධානයෙන් ඉන්න එක ගොඩක් වැදගත්.

Discussion & Feedback