ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ‘නෝ-කිල්’ හෙවත් සතුන් මරා නොදමන සුරක්ෂිතාගාරයක් ලෙස ප්‍රසිද්ධ ස්ථානයකින් සුනඛයින් 117 දෙනෙකුගේ මළ සිරුරු හමුවීම ලොවම කම්පාවට පත් කළ පුවතක් බවට පත්වෙලා. මෙම ස්ථානයේ සතුන්ට වධහිංසා පැමිණවීම, වංචා කිරීම සහ සොරකම් කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා. එහිදී හෙළි වුණේ 2025 වසරේ සිට මෙම මධ්‍යස්ථානයට සතුන් 900ක් පමණ ලැබී තිබුණත්, ඉන් 700කට අධික ප්‍රමාණයක් අතුරුදහන් වී ඇති බවයි. පොලිසිය විසින් සිදු කළ කැණීම්වලදී සුනඛයින්ගේ මළ සිරුරු විශාල ප්‍රමාණයක් සහ සුනඛ කරපටි 600ක් පමණ සොයාගෙන තිබෙනවා.
මෙම සුනඛයින්ගෙන් බොහෝ දෙනෙකු වෙඩි තබා මරා දමා ඇති බවට මූලික පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා. සිරුරු 70ක් පමණ එක්ස්-රේ පරීක්ෂණයට ලක් කළ විට ඒවායේ වෙඩි උණ්ඩ කොටස් හමුවී ඇති අතර, සතුන් මරා දැමීම සඳහාම වෙන් වූ ගොඩනැගිල්ලක්ද එහි තිබී සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත්, මෙම මධ්‍යස්ථානයේ හිමිකරු වන ෂැනන් මිරැන්ඩා තවමත් තමන්ට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, තමන් සතුන් මරා නොදමන බවත්, මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් පවසනවා. දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු නීතිමය චෝදනාවක් ගොනු කර නොමැති අතර, පොලිසිය පවසන්නේ සාක්ෂි සියල්ල පරීක්ෂා කිරීමෙන් පසු ඉදිරි පියවර ගන්නා බවයි.

Discussion & Feedback